News Political

ඉන්දු-ලංකා ගිවිසුම් පාර්ලිමේන්තුවට දාන්න වෙලාවක් තිබුනෙ නෑ..- විජිත

ඉන්දියාව සමග අත්සන් කළේ ආරක්ෂක ගිවිසුමක් නොව ආරක්ෂක සහයෝගීතා ගිවිසුමක් බව අමාත්‍ය විජිත හේරත් පවසයි.

එම ගිවිසුම අත්සන් කළේ සෙනසුරාදා බවත් අනතුරුව පාර්ලිමේන්තුව පැවති අඟහරුවාදා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට වේලාවක් නොතිබූ බවත් ඔහු පෙන්වා දෙයි.

අවශ්‍ය අයකුට එය තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබා ගත හැකි බව ද ඇමති විජිත හේරත් ප්‍රකාශ කරයි.

කැබිනට් අනුමැතිය ලබා යථා කාලයේ දී අදාළ ගිවිසුම් රට හමුවේ තබන බව ද ඇමතිවරයා අවධාරණය කරයි.

සිරස නාලිකාවේ වැඩසටහනකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

Related posts

ට්‍රම්ප්ගෙන් තද තීරණයක් – ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමුඛ අරමුදල් සපයන්නා වූ අමෙරිකාව සංවිධානයෙන් ඉවත් වේ

Shiran Viraj

බස්නාහිර මහ ඇමතිගේ සින්දුව (වීඩියෝ)

Shiran Viraj

නෙත් නිවුස් අනාවරණයෙන් පසු LTTEය ප්‍රවර්ධනය කළ කල්ලිය සොයා මෙහෙයම් – එක් අයෙක් අත්අඩංගුවට

Shiran Viraj