Local News News

ගුවන් මගියෙක් ගුවන් තොටේ විස්කි බෝතල් පොලොවේ ගහයි…

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන්ගේ රාජකාරී කටයුතුවලට බාධා කළ ගුවන් මගියකු එළඹෙන 09 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගුවන් තොටුපොළ පොලිසිය පියවර ගෙන තිබේ. මාතර, තුඩාව ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි මෙම ගුවන් මගියා ඉතාලියේ රැකියාවක නිරත වී සිට ඩුබායි හරහා ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්. 579 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි.

ඔහු විසින් ගෙන ආ ගමන් මලු තුළ නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ ගෙන ආ හැකි ප්‍රමාණය ඉක්මවූ විස්කි බෝතල් තොගයක් ද රේගු නිලධාරීන් විසින් සිය භාරයට ගන්නා අවස්ථාවේදී ඒවා පොළොවේ ගසමින් රේගු නිලධාරීන්ට බාධා කර තිබේ.

මේ පිළිබඳ රේගු නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය දැනුවත් කිරීමෙන් පසු මෙම ගුවන් මගියා අත්අඩංගුවට ගෙන තිබේ.

දණ්ඩ නීති සංග්‍රහයේ 344 වගන්තිය යටතේ රාජකාරිය ඉටු කිරිමට නොදී අඩන්තේට්ටම් කිරීම යන චෝදනා මත මොහු මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබූ අතර එහිදී මෙම ගුවන් මගියා එළැඹෙන 09 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

ටී.කේ.ජී.කපිල

Related posts

කිලිනොච්චියට තද වැසි : සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් හමුදාව මැදිහත් වෙයි

Shiran Viraj

තැපැල් ඡන්ද පත‍්‍රිකා සීල් තබයි..

Shiran Viraj

ජනතාව ජීවත් කරවීමත් යුද්ධයක් ඒ වගකීම මමභාර ගන්නවා.“ගම සමගපිළිසඳර” අරඹමින් ජනපති බදුල්ල, හල්දුම්මුල්ලේදී කියයි

Shiran Viraj