Local News News

රටම විෂ වායුවකින් වැසී යයි.. මුව ආවරණ පලදින්නැයි කියයි..

රට පුරා බොහෝ ප්‍රදේශයන්හි මීදුම වැනි අඳුරු තත්ත්වයක් ඇතිව තිබෙන බව ප්‍රදේශ රැසකින් ම වාර්තාකරුවන් කියා සිටිති.

මීට හේතු ඇත්තේ වායු ගෝලයේ දූවිලි අංශු ඉහළ යාමත් සමග ඇතිව තිබෙන තත්වයයි.

බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපයේ ඇති වී තිබෙන කුණා සුළි කුණාටු සහිත තත්ත්වය මත ඉන්දියානු අර්ධද්වීපයේ දූවිලි අංශු සහිත වායු දහරා ශ්‍රී ලංකා ගුවන් කලාපයට ඇතුළු වීම හේතුවෙන් දුවිලි අංශු ඉහල ගොස් තිබේ. මේ සමගම රටපුරා වායු දූෂණ මට්ටම ද ඉහළ ගොස් ඇත.

පවතින අයහපත් කාලගුණ තත්වය තවත් දින දෙක තුනක් පවතිනු ඇතැයි ද අදාළ ආයතන කියා සිටී.

පවතින තත්වය හේතුවෙන් ශ්වසන ආබාධ සහිත පුද්ගලයන් ගේ අපහසුතා වැඩිවනු ඇති නිසා ඔවුන් හැකිතාක් මුව ආවරණ පැළඳ නිවෙස් තුළම රැඳී සිටින ලෙස ද ඉල්ලා සිටී.

Related posts

ශ‍්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වලතා ගැන ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානියා කතා කරයි

Shiran Viraj

කොරෝනා නීති කිසිවක් නෑ.. කෝවිලක මහ පූජාවක්..

Shiran Viraj

කාසල්රි, මවුස්සාකැලේ අඩියටම බහී… යටවූ නටබුන් රැසක් මතුවේ..

Shiran Viraj

Leave a Comment