Local News News

කොරෝනා නීති කිසිවක් නෑ.. කෝවිලක මහ පූජාවක්..

සෑම වසරකම හින්දු භකිතකයින් විසින් වසර ආරම්භයේදී සිදුකරන තයිපූසයි දේව පූජාව 18 රාත්‍රියේ යාපනයේ ඉනුවිල් කන්දස්වාමි හින්දු කෝවිලෙදී උත්සාවාකාරයෙන් පැවත්වුණි.

කෙසේ නමුත් අදාල දේව පූජාව වෙනුවෙන් සහභාගී වූ සියලු බැතිමතුන් සමාජ දුරස්ත භාවය, මුඛාවරණ පැළඳීම වැනි සෞඛ්‍යාරක්ෂිත පියවර කිසිවක් අනුගමනය නොකරමින් මෙම දේව පූජාවට සහභාගී වීම පිළිබඳව යාපනයේ සෞඛ්‍ය නිලධාරීන්ගේ අවධානය යොමුව ඇත.

විශාල දේව මණ්ඩපයක් විශාල කඹ යොදා ගෙන බැතිමතුන් විසින් මණ්ඩපය ඇදීම මෙහෙදී සිදුකෙරෙන අතර මෙම අවස්ථාවට විශාල පිරිසක් සහභාගී වුවද සියලුම බැතිමතුන් සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගනය නොකරමින් මෙම අවස්ථාවට සහභාගී වීම මගින් දැඩි කොරෝණා අවධානමක් මතුවන බවටද යාපනයේ සෞඛ්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුරටත් පෙන්වා දෙයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

ධම්මික බණ්ඩාර මේසන් බාස් කෙනෙක් වුවද ඖෂධය හරි ගිය සැණින් ඔහු වෛද්‍යවරයෙකි.. හැදූ කෙනා නොව ඖෂධය පරීක්‍ෂා කරනු..

Shiran Viraj

උණුසුම් පුවත් මහර සිද්ධිය විමර්ශන කමිටුවෙන් අජිත් රෝහණ ඉල්ලා අස්වෙයි

Shiran Viraj

ඉක්වදෝරයට ඩොලර් මිලියන 643 ක ආධාර මුදලක්

Shiran Viraj

Leave a Comment