Local News News

ප‍්‍රාදේශීය සභා පාලනය පොහොට්ටු හිතවතුනට.. අගමැතිට එරෙහිව අධිකරණයේ නඩු.

නිල කාලය අවසන් වී ඇති පළාත් පාලන ආයතන පාලනය කිරීමට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු වෙත බලය පවරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ලිපියක් නිකුත් කර ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව රජය විසින් ඔවුන්ට හිතවත් හිටපු පළාත් පාලන නියෝජිතයන් සහ තම ගෝලබාලයන් යොදා ගනිමින් මෙම ආයතන පාලනය කිරීමට කටයුතු කරමින් සිටින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂන රාජකරුණා සඳහන් කරයි.

පළාත් පාලන පනත උල්ලංඝනය කරමින් මෙම කටයුත්ත කරගෙන යන බව පවසමින් ඊට එරෙහිව අග්‍රාමාත්‍යවරයා සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා වගඋත්තරකරුවන් කරමින් අභියාචනාධිකරණට පෙත්සමක් ගොනු කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ශණ රාජකරුණා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්ද මේ අවස්ථාවට සහභාගි විය.

Related posts

ගංවතුර තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක පුද්ගල මරණ, පවුල් ‍රැසක් අවතැන්

Shiran Viraj

ගෝටා පැනල ගියේ නෑ.. සිංගප්පූරු ගියේ චෙකප් එකකට..- මහින්ද

Shiran Viraj

කරාපිටිය රෝහල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි..

Shiran Viraj

Leave a Comment