International News News

අරාබි සාගරයේ මුර සංචාරය කරන ඕස්ට්‍රේලියානු යුද නෞකාව සොයා ගත් දේ

අරාබි මුහුදු කලාපයේ දී ටොන් 3 යි දශම 5 ක හෂිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුව ඇති අතර එය ඕස්ට්‍රේලියානු නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා.
විදෙස් වාර්තා කියා සිටියේ අරාබි මුහුදේ ඒකාබද්ධ මුර සංචාරවල නිරත  ඕස්ට්‍රේලියානු යුද නෞකාවක් මගින් මෙම ටොන් 3 යි දශම 5 ක හෂිස් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 142 ක් වන බව සඳහන්.
සැක කටයුතු යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සඳහා බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ හෙළිකොප්ටර් යානයක් ද එක්වූ බවයි  ඕස්ට්‍රේලියානු නාවික හමුදාව ප්‍රකාශ කර ඇත්තේ.
අරාබි මුහුදේ ජාත්‍යන්තර මුහුදු සීමාවේදී පසුගිය 3 වනදා මෙම මෙහෙයුම සිදුකර තිබෙනවා.
ඕස්ට්‍රේලියානු නාවික හමුදාව මගින් පසුගිය දෙසැම්බර් මාසයේදී ද මෙලෙස යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබූ හෂිස් මත්ද්‍රව්‍ය ටොන් 8 ක් අත්අඩංගුවට ගනු ලැබුවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

රනිල් ගෙනා විදුලි පනත සලකා බලන්න කැබිනට් අනුමැතිය..

Shiran Viraj

මං අසූචි වලට බැස්සා.. සුද්ද පවිත‍්‍ර කර හැමෝම ගන්නවා..- දිලිත්

Shiran Viraj

මරික්කාර්ට ප‍්‍රබල කැබිනට් ඇමති ධුරයක්…

Shiran Viraj