Local News News

ඡන්දෙට සේවක නිවාඩු නොදෙන ලොක්කන්ට නඩු

ලබන පෙබරවාරි 10 වැනි දිනට නියමිත පළාත් පාලන මැතිවරණ දිනයේදී ඡන්ද දායකයන්ට නිවාඩු ලබා නොදෙන සියලුම ආයතනවලට නීතියෙන් දඬුවම් ලබා දිය හැකි බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
එබැවින් එදින ඡන්ද විමසීම සඳහා ලිපියකින් නිවාඩු ඉල්ලා සිටින ඡන්දදායකයින්ට වැටුප් සහිත නිවාඩු ලබාදිය යුතු බවද එම කොමිසම පෙන්වා දෙයි.
අදාළ සේවකයන් සේවය කරන ආයතනයේ සිට ඡන්දපොළට ඇති දුර සැලකිල්ලට ගනිමින් රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට ප්‍රමාණවත් ආකාරයේ නිවාඩු ලබාදිය යුතුය.
සේවකයන්ට නිවාඩු ලබා නොදෙන ආයතන ප්‍රධානීන්ට සහ ආයතනවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකි බවත් , එහිදී මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ පවත්වන නඩු විභාගයකින් පසුව වරදකරු වුවහොත් රුපියල් 500 නොයික්මවන දඩයකට හෝ මාසයක සිර දඬුවමකට හෝ මෙම දඬුවම් දෙකටම යටත් කෙරෙන බව මැතිවරණ කොමිසම කියා සිටී.
(under the courtesy of srilankamirror.lk news web)

Related posts

ඩොලර් නෑ.. අත්‍යවශ්‍ය ආහාර ද‍්‍රව්‍ය දැඩි හිගයක්… මිලත් ඉහලට..

Shiran Viraj

බැඳුම්කර වාර්තාවෙන් ‘එජාපයේ කීර්ති නාමයට’ හානියක් වුණාද? – එජාපයෙන් දුන්න පිළිතුරු මෙන්න

Shiran Viraj

ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියට ඇමති විමල්ගෙන් දැඩි ප‍්‍රහාරයක්..

Shiran Viraj

Leave a Comment