Local News News

ඡන්දෙට සේවක නිවාඩු නොදෙන ලොක්කන්ට නඩු

ලබන පෙබරවාරි 10 වැනි දිනට නියමිත පළාත් පාලන මැතිවරණ දිනයේදී ඡන්ද දායකයන්ට නිවාඩු ලබා නොදෙන සියලුම ආයතනවලට නීතියෙන් දඬුවම් ලබා දිය හැකි බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
එබැවින් එදින ඡන්ද විමසීම සඳහා ලිපියකින් නිවාඩු ඉල්ලා සිටින ඡන්දදායකයින්ට වැටුප් සහිත නිවාඩු ලබාදිය යුතු බවද එම කොමිසම පෙන්වා දෙයි.
අදාළ සේවකයන් සේවය කරන ආයතනයේ සිට ඡන්දපොළට ඇති දුර සැලකිල්ලට ගනිමින් රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට ප්‍රමාණවත් ආකාරයේ නිවාඩු ලබාදිය යුතුය.
සේවකයන්ට නිවාඩු ලබා නොදෙන ආයතන ප්‍රධානීන්ට සහ ආයතනවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකි බවත් , එහිදී මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ පවත්වන නඩු විභාගයකින් පසුව වරදකරු වුවහොත් රුපියල් 500 නොයික්මවන දඩයකට හෝ මාසයක සිර දඬුවමකට හෝ මෙම දඬුවම් දෙකටම යටත් කෙරෙන බව මැතිවරණ කොමිසම කියා සිටී.
(under the courtesy of srilankamirror.lk news web)

Related posts

බැසිල්ගේ IMF ප‍්‍රකාශයට කබ්රාල්ගෙන් ප‍්‍රතිචාර…

Shiran Viraj

ලෝක සාම සමුළුවේ ප‍්‍රධාන දේශණය මෛත‍්‍රීගෙන්.. ආරාධනය බෑන් කී මූන්ගෙන්..

Shiran Viraj

පවතින දේශපාලන අර්බුදයට ජනපතිගෙන් විසඳුමක් – මහ බැංකු වංචාවට සම්බන්ධ අයගේ නම් ලයිස්තුවකුත් එළියට

Shiran Viraj

Leave a Comment