News Political

මහින්ද ගෙන් ‘චැලේන්ජ්’ එකක් : ‘මගේ කාලයේ බැඳුම්කර සොයන්න

තම පාලන සමයේ මහ බැංකුවේ සිදුවූ බැඳුම්කර වෙන්දේසි සම්බන්ධව සොයා බැලුවාට කිසිම වරදක්‌ නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා “දිවයින” පුවත්පතට පවසා ඇත.
2008 වසරේ සිට 2015 දක්‌වා තම පාලන සමයේ බැඳුම්කර වෙන්දේසි පිළිබඳව සොයා බැලීමට පියවර ගැනීම සම්බන්ධයෙන් තමාගේ කිසිදු අකැමැත්තක්‌ නැතැයි පවසන හිටපු ජනාධිපතිවරයා, එදා සිදු කළ එම ගනුදෙනු පිළිබඳව තමාට දැඩි විශ්වාසයක්‌ තිබෙන බවත්, එම ගනුදෙනු ගැන සොයා බලනවාට තමාද දැඩි කැමැත්තක්‌ දක්‌වන බවත් සඳහන් කරයි.
 කෙසේ වෙතත් මෙම බැඳුම්කර වංචාව නිසා රටට ආයෝජකයන් පැමිණීමේ ගැටලුවක්‌ මතුවිය හැකි බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
2008 වසරේ සිට 2015 දක්වා නිකුත් කළ භාණ්ඩාගාර බැඳුම්කර පිළිබඳව පරීක්ෂා කිරීමට බැඳුම්කර කොමිසම නිර්දේශකර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 03දා කල විශේෂ ප්‍රකාශයේදී සඳහන් කළේය.
කොමිසම නැති බලයක් අතට අරන් !
bondissueබැඳුම්කර කොමිසමේ කතා පරස්පරයි …..
මේ අතර ප්‍රකට සමාජ පර්යේෂකයකු වන විජිත නානායක්කාර මහතා පවසන්නේ, බැඳුම්කර කොමිසම් වාර්තාවේ කරුණු උපුටා දක්වමින් ජනාධිපතිවරයා දෙසැම්බර් මස 03දා කල ඇතැම් ප්‍රකාශ එකිනෙකට පරස්පර බවයි.
2015ට පෙර බැඳුම්කර පරික්ෂා කිරීමට වරයක් නොතිබුණ හෙයින්, එම කාල සීමාවට පිටින් පරික්ෂණ සිදුනොකළ බව බැඳුම්කර කොමිසම පැහැදිලිව ප්‍රකාශකර ඇතැයි පවසන ජනාධිපතිවරයා, ”බැඳුම්කර ගනුදෙනුවලදී 2015ට වඩා වැඩි අලාභයක් 2008 -2015 වකවානුවේ සිදුව ඇතැයි පැවසීම ගැටලුකාරී බව” විජිත නානායක්කාර මහතා කියා සිටියි.
බැඳුම්කර නිකුත්කිරීම සම්බන්ධව විමර්ශන හා පරීක්ෂණ කිරීමට එම කොමිසන් සභාවට බලය, වරය ලැබුණේ 2015 පෙබරවාරී 01 දා සිට 2016 මාර්තු 31 දක්වා කාලය පිළිබඳවයි.
2008 වසරේ සිට 2015 දක්වා නිකුත් කළ භාණ්ඩාගාර බැඳුම්කර පිළිබඳව පරීක්ෂා කිරීමට මෙම කොමිසමට වරයක් නොතිබුණු හෙයින් එවැන්නක් සිදු කර නැතැයි පැවසු ජනාධිපතිවරයා, වැඩිපුරම සේවක අර්ථසාධක අරමුදල විනාශ වී ඇත්තේ එම කාලය තුළ බව කොමිසන් සභාව සඳහන් කරන බව අවධාරණය කර සිටියේය.

Related posts

ශ‍්‍රී ලංකාව කොරෝනා අවදානම වැඩිම රටවල් අතර..- Forbes කියයි..

Shiran Viraj

මුදල් නෑ.. ශ‍්‍රී ලංකාව බංකොලොත් ආසන්නයේ..- The guardian ලොවටම කියයි…

Shiran Viraj

ඩුබායිවල අනතුරට ලක්ව මෙරටට පැමිණි පුද්ගලයාව රෝහලෙන් එලවා දැමූ වෛද්‍යවරයාගේ සිද්ධිය ගැන සොයයි

Shiran Viraj

Leave a Comment