අද පෙරවරු 6.00න් අවසන් වු පැය 24 ක කාලය තුළ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් අපේක්ෂකයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 11කට සහ මැතිවරණ පැමිණිලි 21කට අදාළව මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
ඒ අනුව පසුගිය 9 වැනිදා සිට මේ දක්වා පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 95ක් සහ මැතිවරණ පැමිණිලි 212ක් ලෙස සිද්ධීන් 307ක් දිවයිනේ විවිධ පොලිස් ස්ථාන වෙත වාර්තා වී තිබේ.
එම සිද්ධීන්වලට අදාළව අපේක්ෂකයින් 27 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 258 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
(under the courtesy of adaderana.lk news web)