Local News News

විදුහල්පතිනිය දණ ගැස්සවීමට විරෝධය පළ කරන්න පා ගමනක්

බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දනගැස්සවිමේ සිද්ධියට විරෝධය පළ කරමින් අද (22) දෙමාපියන් පිරිසක් විසින්  විරෝධතා පා ගමනක නිරත විණි.
අද උදෑසන එම විද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ වූ  මෙම පා ගමන බදුල්ල නගරය වෙත පැමිණි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
මෙහිදී විරෝධතාකරුවන් ආණ්ඩුකාරවරයා වෙත සන්දේශයක් ද භාරදිමට නියමිතව තිබේ.
මේ අතර අදාළ සිද්ධියට විරෝධය පල කරමින් අද සිට දිවයින පුරා උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කරන බව ලංකා ගුරු සංගමය පවසයි.
එම සංගමයේ ලේකම් ජෝෂ්ප් ස්ටාලින් මහතා සඳහන් කළේ එහි පළමු උද්ඝෝෂණය  අද දහවල් අනුරාධපුරයෙන් ආරම්භ කරන බවයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

එතෙක් මෙතෙක් ලංකාවේ ලොකුම වරද පොහොර තහනමයි.. ගව ඝාතන තහනමෙන් ජනතාවට කෝබේ මස් ලැබේවි..- නිමල් පෙරේරා

Shiran Viraj

ෆොන්සේකාට මුළු පොලිසියම විරුද්ද වේ..ත‍්‍රිවිද හමුදාවම බෑ කියයි..නීතිය හා සාමය ඇමතිකම ෆොන්සේකාට කිසිසේතම නොදේ

Shiran Viraj

හැමෝම ජනාධිපති සමග එක්වන්න.. ඔහු වසරකින් රට බේරාගත්තා..

Shiran Viraj

Leave a Comment