International News News

2018 වෙනුවෙන් බෙන්ජමින් නෙතන්යාහු මෝදීට දෙන්න හදන තෑග්ග මෙන්න (PHOTOS)

2018 නව වසර උදාවත් සමග ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් ඉන්දිය අගමැති නරේන්ද්‍ර සිං මෝදි වෙත ත්‍යාගයක් ලබාදීමට තිබෙනවා.
විදෙස් වාර්තා පැවසුවේ පසුගිය වසරේ දී ඉන්දීය අගමැතිවරයා ඊශ්‍රායලයේ කළ නිල සංචාරයෙන් අනතුරුව දෙරට මිතුදම ශක්තිමත් වී ඇති බවයි.
ඉන්දීය අගමැතිවරයාගේ එම සංචාරයේ දී ඊශ්‍රායලයේ ඔල්කා මුහුදු තීරයේ ඉදිකර ඇති මුහුදු ජල පවිත්‍රාගාරය ඔහු විසින් නිරීක්ෂණය කරනු ලැබුවා.
අදාළ ක්‍රියාව සම්බන්ධයෙන් ඊශ්‍රායලය රජයට ඉන්දීය අගමැතිවරයා ප්‍රසංසා ද කර තිබුණා.
කෙසේ වෙතත් ලබන 14 වනදා ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා පැමිණිමට නියමිතව තිබෙනවා.
ඒ එළඹෙන 14 වනදාට යෙදී තිබෙන තෛපොංගල් උත්සවයට සහභාගී වීමටයි.
මෙහිදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදි වෙත ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු මුහුදු ජලය පවිත්‍රකරනු ලබන ජංගම ජීප් රථයක් ත්‍යාග කිරිමට නියමිතයි.
නව වසර වෙනුවෙන් එයයි මෝදිට හිමි වන ත්‍යාගය.
මෙම ජීප් රථය නවීන තාක්ෂණයෙන් සමන්විත වන අතර ඉන් දිනකය ලීටර 20000ක් පමණ මුහුදු ජලය පවිත්‍රතා කිරිමේ හැකියාව පවතිනවා.
එමගින් පිරිසිදු පානීය ජලය ලබා ගත හැකි බවයි ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කරන්නේ.
මෙය ඉදිරි දින කිහිපය තුළ ඉන්දියාවට ගෙන ඒමට නියමිතයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

අදම ඇදරි නීතිය දමන්නැයි AMS කියයි..

Shiran Viraj

බස්නාහිර සිරවූ විශාල පිරිසක් වතුකරයට… සියළු දෙනා නිරෝධානයට..

Shiran Viraj

ෆයිසර් දකුණු ආසියාවේ මුලින්ම ගත්තේ ශ්‍රී ලංකාවයි..- රජය :: මාර්තු 25 මාලදිවයිනට දුන්නා- යුනිසෙෆ්

Shiran Viraj

Leave a Comment