Local News News

අද කොළඹ මාර්ග කිහිපයක් වැසෙයි

අද පැවැත්වෙන ජාත්‍යන්තර තරඟාවලියක් හේතුවෙන් කොළඹ කොටුව සහ වැල්ලවත්ත ප්‍රදේශවල මාර්ගවල ගමනා ගමනය සීමා කිරීමට සිදු වන බව පොලීසිය පවසයි.
උදෑසන 05.00 සිට දහවල් 12.00 දක්වා මෙලෙස කොළඹ කොටුව, කොල්ලුපිටිය, බම්බලපිටිය සහ වැල්ලවත්ත යන ප්‍රදේශවල ගමනා ගමනය සීමා කරන බව පොලීසිය  පවසයි.
කොටුව චෛත්‍ය පාර, ගාලුමුවදොර මැද පාර, ගාලු පාර කොල්ලුපිටිය මංසන්දිය දක්වාත්, කොල්ලුපිටිය දුම්රියපොල පාර සහ මුහුදුබඩ  මාර්ගය වැල්ලවත්ත දක්වාත් ගමනාගමනය සීමා කෙරෙයි.
මෙම කාලය තුළ හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ද පොලීසිය  රියදුරන්ගෙන් ඉල්ලීම් කරයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සූක්ෂමව පළා යයි

Shiran Viraj

පොහොට්ටුව ලකුණින් තරග කරන්නට ශ‍්‍රීලනිපය සූදානම්..

Shiran Viraj

ජනතාවට පරිත්‍යාග කල එන්නත ආපසු ගනී… සජිත් දුවගොස් එන්නත ගහගනී..

Shiran Viraj