News Political

“අපි තනිවම ආණ්ඩුවක් ගොඩනගනවා – අපෙන් ගිය අය ගන්නේ නෑ” – චමල්

වසර දෙකක් කල් ගන්නේ නැතිව ජනාධිපතිවරණය හා මහ මැතිවරණය එකම දිනක පවත්වා ජනතා කැමැත්තට ගරු කරන්නට මේ ආණ්ඩුව කටයුතු කළ යුතු බව හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා පැවසීය.
තිස්සමහාරාම මැතිවරණ බල ප්‍රදේශයේ පළාත් පාලන ආයතන සඳහා තරග වැදුණු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයන් සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී හිටපු කථානායකවරයා මේ බව ප්‍රකාශ කළේය .
එහිදී වැඩිදුරටත් ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
‘‘ මහජනතාවගේ කැමැත්තකින් තොරව මම අගමැති කම් භාර ගන්නේ නෑ ඊට වඩා සුදුසුයි ගෙදරට වෙලා පැදුරක් එළා ගෙන බුදිය ගන්න එක. ජනාධිපතිවරයා කළ යුතුව ඇත්තේ අවුරුදු දෙකක් කල් ගන්නේ නැතිව ජනතා කැමැත්තට ඉඩ දී මැතිවරණ පවත්වා ජනතාව කැමති දේශපාලන පක්ෂයකට රට පාලනය කිරීම සඳහා ඉඩ දියු යුතු එකයි. “
“අපි අපෙන් ගිය කිසිවෙකු සමඟ හෝ එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධාන ගත වී ආණ්ඩුවක් පිහිටු වීමට අදහස් නොකරන බවත් පොදුජන පෙරමුණට ඡන්දය දීපු ජනතාව එය අනුමත නොකරන බවත් අපි විශ්වාස කරනවා. අපේ වැඩ පිළිවෙල හා ප්‍රතිපත්ති අනෙක් පක්ෂ වලට වඩා වෙනස්. ඒ නිසා වෙනත් පක්ෂ සමඟ අපි එකතු වෙන්නේ නෑ . ඉදිරියේදි අපි තනිවම ආණ්ඩුවක් ගොඩ නගන්න කටයුතු කරනවා.‘‘

(under the courtesy of asianmirror.lk news web)

Related posts

අළුත් පාර්ලිමේන්තුවට නවක මන්ත‍්‍රීවරුන් 64 ක්

Shiran Viraj

සංචරණ සීමා ඉක්මවූ තීන්දුවක්..- අගමැති

Shiran Viraj

ප‍්‍රංශයෙන් සියලුම පාසල් සිසුන්ට පාසල් දිවා ආහාරය නොමිලේ…

Shiran Viraj

Leave a Comment