News Political

දැනෙන වෙනසක්”: අවසන් තීරණය අද

පළාත් පාලන මැතිවරණයෙන් පසුව උද්ගත වී තිබෙන වාතාවරණය පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස අද (පෙබරවාරි 14) පැවැත්වෙන කැබිනට් රැස්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් හමුවීමට එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් තීරණය කර තිබේ.

අමාත්‍යවරුන් එම තීරණයට එළැඹ තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් අගමැති ධුරයේ තවදුරටත් ක්‍රියාකරනු ඇතැයි යන පණිවිඩය රැගත් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන් පිරිසක් ජනාධිපතිවරයා සමග අඟහරුවාදා (පෙබරවාරි 13) රාත්‍රියේ පැවති සාකච්ඡාවේදීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව සන්ධාන ආණ්ඩුව ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් යෝජනා ඉදරිපත් කිරීම පිණිස විශේෂ කමිටුවක් පත්කිරීමට ද එහිදී තීරණය කෙරුණු බව එයට එක්ව සිටි අමාත්‍යවරයෙක් පැවසීය.
සුබදායි තීරණයක් – සජිත්
ජනාධිපතිවරයාගේ නිල නිවසේ ඊයේ (13) පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ඇමැති සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ජනාධිපතිතුමාගේ පාර්ශවයත් අගමැතිතුමාගේ පාර්ශවයත් අද දවසේ කමිටුවක් ස්ථාපනය කර රටේ ජනතාවගේ සුබ සිද්ධිය සඳහා සුබදායි තීරණයක් ඉදිරිපත් කරන බවයි.
අදාළ කමිටුව පත් කොට සති අන්තය වනවිට තීරණයක් ගනිමුයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ යෝජනාවට ප්‍රතිචාරය පළ කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර තිබෙන්නේ කමිටුවක් පත් කළත්, එදිනම (බදාදාම) ඒ පිළිබඳව අවසාන තීරණයක් ගත යුතු බවය.
විශේෂයෙන්ම රටේ ජනතාව “දැනෙන වෙනසක්” ඉල්ලා සිටින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, තමන්ට හැඟෙන ආකාරයට එය අගමැති පදවියේ වෙනසක් බව යළිත් වරක් පෙන්වා දුන් බව ද අමාත්‍යවරයා පැවසීය.
RanjanRamanayaka 600px 16 11 29

”මැතිවරණ ප්‍රතිඵලයට දෙපාර්ශවයම වගකිව යුතුයි ” –  රන්ජන් රාමනායක

කැබිනට් අමාත්‍යවරුන් පිරිස හැරුණු විට ජනපතිවරයා සහ අගමැතිවරයාගේ විශේෂ ආරාධනයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ද සාකච්ඡාවට සහභාගි වී සිටියේය.
එහිදී දීර්ඝ වශයෙන් කරුණු දැක්වීමක් කළ රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා, මැතිවරණ ප්‍රතිඵලය පිළිබඳව එක පක්ෂයක් පමණක් නොව දෙපාර්ශවයම වගකිව යුතු බව සවිස්තරව පෙන්වා දුන්නේය.
එබැවින් වැරදි නිවැරදි කරගෙන, මින් ඉදිරියට හෝ තමන්ට ඡන්දය දුන් හැට දෙලක්ෂයක ජනතාවට දුන් පොරොන්දු ඉටුකිරීම දෙපාර්ශවයේම වගකීම බව ද ඔහු අවධාරණය කර තිබේ.
නිර්පාක්ෂික ජනාධිපති !
කෙසේ වුවත් පක්ෂ නායකත්වයෙන් ඉවත් වී නිර්පාක්ෂික ජනාධිපතිවරයෙකු වශයෙන් ක්‍රියාකරන්නැයි කළ ඉල්ලීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතික්ෂේප කර තිබේ.
රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ ක්‍රියාකරනු ඇතැයි, පැජට් පාරේ පිහිටි ජනාධිපතිවරයාගේ නිවසේ පැවති එම හමුවට පෙර අරලියගහ මන්දිරයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවකදී තීරණය කර තිබිණ.
මේ අතර රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස ක්‍රියාකරන ආණ්ඩුවක තවදුරටත් නොරැඳෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ඊට පෙරාතුව සඳහන් කර තිබිණ.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

දුමින්ද යලිත් දේශපාලනයට..? බස්නාහිර මහ ඇමති අපේක්‍ෂක..?

Shiran Viraj

බුර්කාව තහනම් කිරීම මීලග කැබිනට් මණ්ඩලයට..

Shiran Viraj

ගුරුවරියගේ ගෞරවය රැකෙන්නේ සාරිය ඇඳීමෙන්.. සාරිය ගැලවීමට විරෝධය..

Shiran Viraj

Leave a Comment