Local News News

නිවාස කිහිපයකට හානි කරමින් මුලතිව් හීදි RPG උණ්ඩයක් පුපුරයි

මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රාදේශයේදී ඊයේ (12) රාත්‍රියේ RPG වර්ගයේ උණ්ඩයක් පුපුරා ගොස් තිබෙනවා.
කසල ගොඩකට ගිනි තැබීමෙන් එහි තිබූ මෙම උණ්ඩය පුපුරා ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
පිපිරීමෙන් අසල නිවාස කිහිපයකට හානි සිදුව ඇති බවත් පුද්ගල හානි කිසිවක් වාර්තා වී නොමැති බවත් මුලතිව් පොලීසිය වැඩි දුරටත් කියා සිටියා.
මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ වැසියෙකු විසින් ගෙවත්තක පිහිටි කසල ගොඩකට කසල එක්රැස් කිරීමෙන් පසු එයට ගිනි තිබා තිබෙනවා.
එහිදී සුළු මොහොතකින් විශාල ශබ්දයක් සමගින් මෙම බෝම්බය පුපුරා ගොස් තිබුණා. කෙසේවෙතත් පිපිරීම සිදුවන අවස්ථාවේදී කසළ ගොඩට ගිනි තැබූ පුද්ගලයා අදාළ ස්ථානයේ සිට නැහැ.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

ප‍්‍රබල අමාත්‍යවරයෙක් අමාත්‍ය කාර්යාලයෙන් ඉවත් වේ.. බඩු අස්කරන්නැයි කාර්ය මණ්ඩලයටත් කියයි…

Shiran Viraj

බස්නාහිර සිරවූ විශාල පිරිසක් වතුකරයට… සියළු දෙනා නිරෝධානයට..

Shiran Viraj

දිගම්බරම් සහ හකීම්ටත් STF ආරක්ෂාව

Shiran Viraj