News Political

පොහොට්ටුව ලක්ෂ 50 පනී : අවසන් ප්‍රතිඵලය මෙන්න

පෙරේදා (10 ) පැවති 2018 පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගෙන තිබේ.
කොට්ඨාශ ක්‍රමය අනුව පවත්වන ලද මැතිවණයේදී පොදුජන පෙරමුණ රට පුරා පලාත් පාලන ආයතන 341 කින් 239ක් ජයගෙන ඇත. ලබාගෙන ඇති ඡන්ද ප්‍රමාණය 5,018,198කි. ප්‍රතිශතයක් ලෙස 45.31%කි.
මීට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පළාත් පාලන ආයතන කිහිපයක්ම සදහා වෙනත් පක්‍ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් තරග වැද ජයගනු ලැබීය.
දෙවන තැනට පත් වූ එක්සත් ජාතික පක්‍ෂය ආසන 42ක් දිනාගනු ලැබීය. ඡන්ද 3,621,338ක් එජාපය ලබා ගත්තේ 32.23%ක ප්‍රතිශතයක්ද සමගිනි.
පළාත් පාලන ආයතන 38ක බලය දිනූ දෙමල ජාතික සන්ධානය තුන්වන තැන වාර්තා කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 1,416,308ක් සමගින් දිනා ඇත්තේ පළාත් පාලන ආයතන හතකි.
ජනතා විමුක්ති පෙරමුණ කිසිදු පළාත් පාලන ආයතනයක් ජය නොගත් අතර ඡන්ද 665,208ක් වාර්තා කර ඇත.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

පෝලිම් අවසන් කර උද්ධමනය අඩු කරන ක‍්‍රියාමාර්ග ඉල්ලයි..

Shiran Viraj

අගරදගුරුගේ චෝදනා මැද අගමැති මහින්ද ඉතාලිය බලා පිටත් වේ..

Shiran Viraj

ජනවාරියේ දී සංචාරකයන් 75,000 පනී… වැඩිම රුසියාවෙන්.. ඊළගට ඉන්දියාවෙන්…

Shiran Viraj

Leave a Comment