Local News News

2017 දී ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම මිලියන 762ක්

2017 වසරේ දී ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් මිලියන 762.06කට අධික බව තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශය සඳහන් කරයි.
දේශීය සංචාරකයින් පැමිණීම නිසා රුපියල් මිලියන 177.42ක්ද , විදේශීය සංචාරකයින්ගේ පැමිණීම නිසා මිලියන 564.25ක් ද උපයාගෙන ඇති අතර වෙනත් කටයුතු හේතුවෙන් රුපියල් මිලියන 20.39ක ආදායමක් ද උපයාගෙන ඇත.
ඒ අනුව 2017 වසරේ දී ජාතික සත්වෝද්‍යාන වෙත සංචාරකයින් 2,219,841ක් පැමිණ ඇත.  ඒ අතරින් 1,942,519ක් දේශීය සංචාරකයින් වන අතර 277,322ක් විදේශ සංචාරකයින් ද වනු ඇත.
(under the courtesy of adaderana.lk news web)

Related posts

දුමින්ද සිල්වා හිරේ හිටියා දැන් ඇති.. රජය තීන්දුවක් ගත යුතුයි..- මුරුත්තෙට්ටුවේ හිමි

Shiran Viraj

රජයේ ඉහලම ලොක්කෙක් ඉල්ලා අස්වෙයි…?

Shiran Viraj

රිය අනතුරක්.. 12ක් රෝහලේ…

Shiran Viraj