News Political

අගමැති බෙරුණේ නැත්නම් ජනපතිත් පසෙකට

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන කණ්ඩායම අද උදෑසන ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමුවුණා. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. මෙම සාකච්ඡාවෙන් පසුව  ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය විසින් කැඳවන ලද මාධ්‍ය හමුවක්ද පැවැත්වුණා.
ඒ මහින්ද සමරසිංහ, රංජිත් සියඹලාපිටිය සහ විජිත් විජයමුණි ද සොයිසා යන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන්. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගය යෝජනාවේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහජන නියෝජිතයින් ඊයේ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් එහිදී අදහස් පළ කෙරුණා.
විජිත් විජයමුණිද සොයිසා අමාත්‍යවරයා පැවසුවේ ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාවේ එකම ඉල්කක්ය වී තිබුණේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පමණක්ම නොවූ බවද, පක්ෂයත් අත්පත් කරගෙන ජනාධිපතිවරයාත් පසෙකට තල්ලු කිරීමේ උත්සාහයක් බවයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ලොව පුරා සෞඛ්‍ය සේවකයින් 90000 කට කොරෝනා වැළඳී ඇතැයි තක්සේරුවක්

Shiran Viraj

වෛද්‍ය පීඨ සඳහා ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව ඉහළ නංවයි

Shiran Viraj

දුමින්දට මරණ දඩුවම දීම දේශපාලන පලිගැනීමක්.. ජනාධිපති කොමිසමට පැමිණිල්ලක්

Shiran Viraj