Local News News

ඉන්දියාවෙන් හා පකිස්ථානයෙන් වැඩම කල සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය අදත්

ඉන්දියාවේ සාරාණාත් නුවර සහ පකිස්ථානයේ තක්ෂිලා නුවර සිට මෙරටට වැඩම කරවනු ලැබූ සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය අද(30) දෙවන දිනටත් සිදු කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

සර්වඥ ධාතු ප්‍රර්ශනය ඊයේ(29) පස්වරුවේ ආරම්භ වූ අතර සර්වඥ ධාතු මෙරටට ගෙන්විම අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

සර්වඥ ධාතු ප්‍රර්ශනය  අරලියගහ මන්දිරයේදී ආරම්භ වූ අතර එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මෙවන් ඓතිහාසික අවස්ථාවක් නැවතත් ශ්රී‍ ලාංකික බැතිමතුන්ට දැකබලා ගැනිමට අවස්ථාවක් හිමිවේ යැයි තමන් නොසිතන බවයි.

සර්වඥ ධාතුන් වහන්සේගේ එක් කොටසක් පකිස්ථානයටත්  තවත් කොටසක් ඉන්දියාවටත් අයිතිව තිබීදම හේතුවෙන් මීට පෙර සර්වඥ ධාතුන් වහන්සේ ජනතාවගේ වන්දනාමාන කටයුතු සදහා ප්‍රදර්ශනය කර නොතිබුණූ බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර අද දිනයේදීත් වෙසක් තොරණ සහ පහන් කූඩු ප්‍රදර්ශනය කිරිම කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිදු කෙරෙයි.

මීට අමතරව දිවයිනේ බොහෝ ප්‍රදේශවල වෙසක් තොරණ සහ කූඩු ප්‍රදර්ශනය කිරිම සිදු කරන අතර ඊයේ  රාත්‍රීයේදී විශාල පිරිසක් වෙසක් තොරණ සහ කූඩු දැකබලා ගැනිම සඳහා කොළඹ නගරය වෙත පැමිණි බව පොලීසිය සඳහන් කළේය.

මේ හේතුවෙන් කොළඹ නගරය තුළ දැඩි රථ වාහන තඳබදයක් පැවති බව ද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මේ අතර වෙසක් උත්සවයට සමගාමීව දෙරණ මාධ්‍ය ජාලය ක්‍රියාත්මක කරන දෙරණාභිවන්දනා ශ්‍රී කල්‍යාණි වෙසක් කලාපය ඊයේ දිනය පුරා කැළණිය පුදබිම කේන්ද්‍ර කර ගනිමින් පැවැත් විය.

මීට අමතරව දෙරණ මාධ්‍ය ජාලය සහ කොළඹ මහ නගර සභාව එක්ව සංවිධානය කරන වෙසක් කලාපය කොළඹ මහ නගර සභාවේ සහ විහාරමහදේවි එළිමහන් පරිශ්‍රයේදී අද දිනයේදීත් පැවැත් වෙයි.

මෙහිදී ප්‍රථමවරට මුහුදු වැලිවලින් නිර්මාණය කෙරෙනු පොලොන්නරුව ගල් විහාරයේ දැවැන්ත ආකෘතියක් ද ප්‍රදර්ශනය කෙරෙනු ඇති.

මේ අතර වෙසක් උත්සවය නිමිත්තෙන් කොළඹ නගරයේ විශේෂ රථ වාහන සැලැස්ම අද දිනියේදී ද ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය පවසයි.

ඒ අනුව කොම්පඤ්ඤවීදීය, ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවත, පෙරහැර මාවත, සිරි උත්තරානන්ද මාවත, බේබෲක් පෙදෙස, ඩෝසන් වීදිය සහ විජේරාම මාවත යන මාර්ගවල රාත්රී  7.00න් පසු වරින් වර වාහන ගමනාගමනය සීමා කිරීමට නියමිතයි.

වෙසක් සිරි නැරඹීම සඳහා පැමිණෙන රථ වාහන ගාල් කිරීම සඳහා ස්ථාන හඳුන්වා දී ඇති අතර ඒ සඳහා උපදෙස් ලබාදීමට පොලීස් නිළධාරින් රාජකාරියේ යොදවා තිබේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ජාතික පාසල් සංඛ්‍යාව දහස දක්වා වැඩි කෙරේ

Shiran Viraj

පළමු තරගයේදීම නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භය කඩා වැටේ

Shiran Viraj

කාන්තාවන්ට ලෝකයේ හොදම ජංගි මහන්නේ අපියි- අගමැති

Shiran Viraj

Leave a Comment