Entertainment Entertainment News News

“උඹ අද අරන් යන්නේ මගේ පණ ටිකනේ..රැකපන් මචං උඹෙ ඇස් දෙක වගේ අනේ”

සමහර ඡායාරූප පිටුපස සැඟවුණු අපූරු කතා තියෙනවා.
මේ ඒ වගේ ඡායාරූපයකට ලියැවුණු අපූරු අදහසක්.

නැකතට මං පෝරුව වෙත නැග්ග වෙලේ..
අයියා බලන් හිටියා පුරවන් කදුලු ඇසේ..
කදුලු සමඟ හිනැහුනේ නුඹ මා සමගේ..
පිච්චිලා ගියා වගෙ දැනුනා හදවත අයියේ මගේ..

තුරුලු කරන් ඇඩුවා නුඹ මාව එදා..
පරිස්සමින් ඉදපන් නංගියේ කියා..
පුදුම වෙලා මං බැලුවා අයියා දිහා..
නැවතීමක් නෑ නුඹෙ ඇස් වල කදුලු එදා..

පියමං කලේ නුඹ මා පසු පස හෙමින් සැරේ..
නැග්ගේ මගුල් රථයට මං ඔහු සමගේ..
වැටෙනවා කදුලු අදහන්නට බැරුව ගියේ..
අයියා දාලා මට යන්නට බෑ සිතුනේ..

නැග්ගට පස්සේ මං මංගල රථය වෙත
එබිකම් කලා ඔබ ඔහු දෑතින් අල්ල ගෙන..
මතකයි කිව්වා නුඹ මාවත් බදාගෙන..
රැකපන් මස්සිනේ මගෙ පණ ටික නුඹෙ පණ සේම..

පරිස්සමින් රැකපන් බන් මගේ නංගී..
දග වැඩ ඉවරයක් නෑ තාමත් එදා වගේ..
උඹ අද අරන් යන්නේ මගේ පණ ටිකනේ…
රැක පන් මචන් උබේ ඇස් දෙක වගේ අනේ..
(under the courtesy of adaderana.lk news web)

Related posts

නව පරපුර ගනුදෙනු කරන විදිය

Shiran Viraj

වසංගතය පාලනය දේශපාලඥයන්ම බාර ගනු..- පිලියන්දල ලොක්ඩවුන් කැඩීමෙන් කෝප වූ වෛද්‍යවරුන් දැනුම් දේ..

Shiran Viraj

ජනමත විචාරණයක් අවශ්‍ය බව නීතිපති කියයි..

Shiran Viraj