Local News News

පලෙයි ප්‍රදේශයෙන් එල්ටීටීඊ භූගත බංකරයක් සොයා ගනියි

කිලිනොච්චිය,පලෙයි,අරසන්කේනි ප්‍රදේශයේ තිබී එල් ටීටීඊ  සංවිධානයට අත් භූගත බංකරයක් ඊයේ(23) සොයාගෙන ඇති බව පලෙයි ආරක්ෂක අංශ පවසයි.

ඉඩමක අයිතිකරුවෙකු විසින් අතහැර දමා තිබු සිය ඉඩම පවිත්‍ර කරන අවස්ථාවක අදාළ භූගත බංකරය දැක ඇති අතර, අනතුරුව ඉඩම් හිමිකරු විසින් සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ දැනුවත් කොට ඇත.

සොයාගත් භූගත බංකරය අඩි 35 ක් පමණ ගැඹුරින් යුතු වන අතර, ඝන කොන්ක්‍රීට් තට්ටුවකින් වසා ඇති බවද පලෙයි ආරක්ෂක අංශ පැවසූහ.

එල් ටීටීඊ  සංවිධානය ක්‍රියාකාරීව පැවති අවස්ථාවේ ගුවනින් හෙලන බෝම්බවලින් ආරක්ෂාවීම උදෙසා භූගත බංකර රැසක් කිලිනොච්චිය හා මුලතිව් ප්‍රදේශයන්ගේ ඉදිකොට තිබිණ.

සොයාගත් බංකරයද එවැනි ආකාරයේ බංකරයක් වන බවට ආරක්ෂක අංශ සැක පළ කරති.

සිද්ධිය සම්බන්ධයෙන් පලෙයි ආරක්ෂක අංශ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ඇමරිකාවෙන් ආනයනික තීරු බද්ද බින්දුව කර අර්බුදයෙන් ගැලවෙන්නැයි කියයි..

Shiran Viraj

කාන්තාවක් නිසා රජෙක් කිරුළ අතහරී

Shiran Viraj

ප්ලේන් ටිකට් හෝටල් කාමරේට වඩා ගණන් නම් ප්ලේන් එකේම ඉන්නවා..- අනුරගේ කතාව FB හොල්ලයි

Shiran Viraj