Local News News

” බාල වයස්කාර දැරියක් වැඩට තියාගෙන , ලිංගික අතවරත් කරළා ” කොස්වත්තේ නරුම ෆාර්ම් හිමියාගේ කෙරුම් එළියට .!

බාලවයස්‌කාර දැරියක්‌ ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන කුකුළු ගොවිපළක හිමියෙකු පිළිබදව වාර්තා වෙනවා. ඒ කොස්‌වත්ත ප්‍රදේශයෙන්.
දාහතර හැවිරිදි මෙම දැරිය සිය මව මෙම දැරිය මව, මවගේ දෙවන සැමියා හා ඇයගේ සොහොයුරියක්‌ද සමඟ 2016 වසරේ කොස්‌වත්ත පොලිස්‌ වසමට අයත් ලිහිරියාගම ප්‍රදේශයේ කුකුළු ගොවිපළක සේවයට පැමිණ ඇත. ඒ වන විට ඇයගේ වයස අවුරුදු 12කි.
පාසල් වයසේ බාලවයස්කාර දරුවන් මෙහෙකාර සේවයේ යොදවා ගැනීම නිතිවීරෝධී කටයුත්තක් අතර අධ්‍යාපනය දරුවන්ගේ මූලීක අයිතියකි.
කෙසේ වෙතත් මෙලෙසින් මෙම දැරිය අදාළ කුකුල් කොටුවේ සේවයේ කරන අතරතුර කුකුල් කොටු හිමියා  කුකුළු කොටුව අසල ඇති කොස්‌ ගසක් අසලට රැගෙන ගොස් දැරිය ලිංගික අපහරනයට ලක් කොට ඇති බවයි වාර්තා වෙන්නේ.
ටික කලක්‌ කුකුළු ගොවිපළේ සේවයෙන් පසුව මව දරුවන්ද සමඟ මවගේ ගම් ප්‍රදේශය වන මුවන්හෙළ හිඟුරාන ප්‍රදේශයට ගොස්‌ ඇත. දැරිය මවගේ නිවසේ සිටියදී 2018 වසරේ දිනයක පියාගේ මිතුරෙකු විසින් දැරියව දූෂණය කරන ලද බවට මව දමන පොලිසියට පැමිණිලි කර තිබේ.
දමන පොලිසිය මේ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කර අධිකරණ නියෝග මත දැරිය සාරගම කාන්තා සංවර්ධන මධ්‍යස්‌ථානයට යොමු කර තිබේ. දමන පොලිසිය මේ බව කොස්‌වත්ත පොලිසියටද දැනුම්දීමෙන් පසුව සාරගම කාන්තා සංවර්ධන මධ්‍යස්‌ථානයට ගිය පොලිස්‌ නිලධාරීන් කණ්‌ඩායමක්‌ ඇයගෙන් ප්‍රකාශයක්‌ ලබාගෙන තිබේ.
එහිදි සිදුවීම පිළිබදව හෙළිව තිබෙන අතර ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

“ශ්‍රී ලංකාවට ස්තූතියි”කෝටි 108ක කුඩු එක්ක ඇමරිකානුවන් දෙදෙනෙක් කොටු වේ – ඇමෙරිකාවටත් අවශ්‍ය ජාවාරම්කාරයන්ලූ!

Shiran Viraj

ජනපතිගේ තීරණය කියන්න එජාප ඇමතිවරුන් කැඳවයි

Shiran Viraj

සුවසැරිය පවත්වාගෙන යන්න TATAගෙන් ආධාර ඉල්ලයි…

Shiran Viraj

Leave a Comment