Entertainment News International News News

මම භූතයෝ විස්වාස කරනවා” දිමංක වෙල්ලාගේ හෙළිකළ ඇඟ හිරි වැටෙන රහස .!

ගායන ශිල්පි දිමංක වෙල්ලාලගේ සිය ජිවීතයේ කිසිවෙකුටත් නොකි රහසක් පිළිබදව පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් හෙළිකර තිබුනා,
එම සටහන පහතින් ,.
“කාටවත් නොකී රහසක් තමයි මම අද මේ විදියට කියන්නේ,
හැබැයි මේක තරමක් ඇඟ කිලි‍පොළා යන කතාවක්. යක්ෂ, ප්‍රේත, භූතාත්ම, අදෘශ්‍යමාන බලවේග කවුරු විශ්වාස නොකළත් මම නම් විශ්වාස කරනවා. බෞද්ධයින් විදියට මළගිය ප්‍රාණ කාරයන්ට පින් අනුමෝදම් කිරීමත් අපේ සංස්කෘතිය තුළ තියෙන බව අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. හැබැයි ඉතින් පුංචි කාලෙදිවත් මම ඒ වගේ අදෘශ්‍යමාන බලවේගයන් සම්බන්ධ අත්දැකීමකට මුහුණ දීලා තිබුණේ නැහැ. මම ගායකයෙක් විදියට ටිකෙන් ටික ජනප්‍රිය වෙද්දී මටත් ගමෙන් කොළඹට එන්න සිදු වුණා.
ඊට පස්සේ මටත් බෝඩින් ජීවිතේට හුරු වෙන්න සිදු වුණා. මුලින්ම නතර වුණේ පිළියන්දළ පැත්තේ බෝඩිමකයි. ඒක නිවසක කාමරයක්. එහෙදී තමයි මේ කියන සිදුවීම වුණේ.
මේ කියන දවසේ ඒ නිවසේ අය කොහේ හරි ගමනක් ගියා. මම විතරයි එදා ගෙදර හිටියේ. ඒක පාළු ප්‍රදේශයක තිබුණු නිවසක් නමෛයි. නිවසේ කිසිම පාළු ගුප්ත බවක් තිබුණෙත් නැහැ. ඒත් මේ කියන දා මට තේරුම් ගන්න බැරි මොකක්දෝ පාළු ගුප්ත  ගතියක් හිතට දැනුණා. ගමේ ඉන්න කාලෙදී මම යාළු මිත්‍රයෝ එක්ක මළ ගෙවල් වල ගිහින් මහ රෑ ගෙදර ඇවිත් තියෙනවා. මගේ නිවසේ තනියම හිටපු අවස්ථාත් තියෙනවා. ඒත් මේ කියන දවසේ හිතට දැනුණේ වෙනස්ම හැඟීමක්. ඒ හැඟීම මොකක්ද කියලා අදටත් මට කියාගන්න බැහැ.
කොහොම හරි ඉතින් එදා රෑ වුණා. මමත් නිවසේ විදුලි බල්බ නිවා දමලා නින්දට ගියා. ඔන්න දන් මට නින්ද යාගෙන එනවා. ඒත් එක්කම කාගේදෝ අඳුරු ඡායාවක් මගේ දිහාට එනවා දැක්කා. ඒ ආපු කෙනා මට පැහැදිලි නැහැ. එයා මගේ ඇඳ ළඟට ඇවිල්ලා එක පාරටම බෙල්ල මිරිකන්න ගත්තා. මම මහ හයියෙන් කෑ ගැහුවා. විශ්වාස කරන්න. මේක හීනයක් නමෛයි. මම හොඳ පියවි සිහියෙන් හිටියේ. මගේ කෑ ගැහිල්ලට වටාපිටාවේ අය පවා ආවා. ඒ තරම් හයියෙන් මම කෑ ගහලා නැහැ කවදාවත්. කොයි තරම් උස් හඩින් කෑ ගැහුවද කියනවා නම් මගේ කටහඬත් නැතිව ගියා වගේ දැනුණා. දවස් දෙක තුනක් යනතුරු මට කතා කරගන්නත් බැරිවයි හිටියේ.
මේක අමනුෂ්‍ය අත්දැකීමක්ද කියලා කියන්න මම දන්නේ නැහැ.
ඒ නිවසේ ඊට කලිින් ගුප්ත බලවේග තිබිලා තියෙනවද කියලා මම ගෙදර අයගෙන් ඇහුවා. කවමදාවත් ඒ වගේ දේවල් තිබුණේ නැහැ කියලා තමයි ඒ අය මට කිව්වේ. කොහොම හරි ඊට පස්සේ මම ඒ බෝඩිම අතෑරලා වෙන බෝඩිමකට ගියා.
නවාතැන්පළ වෙනස් කළාට අර සිදුවීම නිසා මගේ හිතේ ඇති වූ කම්පනය නැති වුණේ නැහැ. එදා ඉඳන් මම හොල්මන්වලට බයයි. හැබැයි ඒ බය තියෙන්නේ පාළු රැයක ගොඩනැගිල්ලක් තුළ තනියම ඉන්නකොට විතරයි.
මම තනියම දුර පළාත්වල සංගීත ප්‍රසංගවලට යනවා. මහ රෑ තනියම එන්නේ. සොහොන් පිටියකට වුණත් මහ රෑ යන්න මම බය නැහැ. කළුවර රෑක වුණත් එළිමහන් තැනක තනියම ඉන්න එක මට කිසිම ප්‍රශ්නයක් නමෛයි. හැබැයි නිවසක හරි, බිත්ති හතරකින් වටවූ ගොඩනැගිල්ලක හරි තනියම රැයක්  ගත කරන්න නම් අදටත් මට බැහැ. කොටින්ම කියනවා නම් මගේ ගෙදර වුණත් කිසි කෙනෙක් නැතුව රැයක් ගෙවන එක මට අද ප්‍රශ්නයක් වෙලා.

(under the courtesy of nethgossip.lk news web)

Related posts

ප‍්‍රසිද්ද පාසලක Zoom මගින් උගන්වද්දී ගුරුවරියටත්, සිසුන්ටත් අසභ්‍ය විිඩියෝ හා පින්තූර එවලා..

Shiran Viraj

පාර්ලිමේන්තු පොකුර පිපේ.. මන්ත‍්‍රීවරුන් 03 කට කොරෝනා.. තවත් පිරිසක් පරීක්‍ෂණවලට..

Shiran Viraj

නිධානයකින් ලබාගත් බුදු පිළිම දෙකක් සමග සැකකරුවෙකු පිටකොටුවේදී අත්අඩංගුවට

Shiran Viraj

Leave a Comment