Local News News

ලෙස්ටර් ජේම්ස් පිරීස් මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන්

හෙළ සිනමාව ජාත්‍යන්තරයට ගෙන ගිය අද්විතිය සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ ආදාහන උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උපදෙස් ලබා දී තිබේ.

ඊයේ(29) රාත්‍රී කොළඹ පෞද්ගලික රෝහලකදී ඒ මහතා අභාවප්ප්‍රාවූ  බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කළේය.

වර්ෂ 1919 අප්ප්‍රේල් මස 05 වන දින කොළඹ දෙහිවල ප්‍රදේශයේදි උපත ලැබූ ලෙසටර් ජෙම්ස් පිරිස් මහතා මියයන විට 99 වන වියේ පසු විය.

කොළඹ ශාන්ත පීතර් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඒ මහතා වයස අවුරුදු 17 දී සිය ජිවන වෘත්තිය ලෙස ජනමාධ්‍යවේදය තෝරා ගනු ලැබීය.

ඩේලි නිවස් පුවත්පතේ සංස්කාරවරයෙකු ලෙස කටයුතු කළ ඒ  මහතා 1939 දී ටයම්ස් ඔෆ් සිලෝන් පුවත්පතෙහි ද සේවය කර තිබේ.

අනතුරුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කෙටි කලක් සේවය කළ ලෙස්ටර් ජෙම්ස් පිරිස් මහතා පසුව 1947 වර්ෂයේදී වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තය බලා පිටත්ව ගියේය.

1952 වසරේදී නැවත මෙරටට පැමිණෙන ඒ මහතා ටයිටස් තොටවත්ත සහ රජයේ චිත්‍රපට අංශයේ කළමනාකාරවරයෙකු ලෙස සේවය කළ විලි බ්ලෙක් ජන මහත්වරුන් සමඟ එක්ව වෘර්තාන්ත චිත්‍රපටියක් නිර්මාණය කිරිමට සූදානම් වූ අතර එය දේශිය සිනමාවේ විප්ලවීය වෙනස් සිදු කිරිමට හේතු විය.

එහි ප්‍රතිඵලයක් ලෙස 1956 වසරේදී ගැමි තේමාවක් වස්තු විෂය කර ගත් මෙරට එළිමහනේ රූගත කළ පමු සිනමා පටය ලෙස සැලකෙන රේඛාව චිත්‍රපටය ලෙස්ටර් ජෙම්ස් පිරිස් මහතා විසින් නිර්මාණය කළේය.

අනතුරුව සංදේශය, ගම්පෙරලිය, දෙලොවක් අතර, රන්සළු, ගොලු හදවත, අක්කරපහ, නිධානය, දෑසනිසා, මඩෝල්දූව, අහසින් පොලොවට, වීර පුරන්අප්පු, බැද්දේගම, කලියුගය, යුගාන්තය, අවරගිර, වෑකන්ද වලව්ව ආදී සිනමා පට රැසක් අධ්‍යක්ෂණය කරමින් මෙරට සිනමා ක්ෂේත්‍රයේ නොමැකෙන සටහන් තැබීමට ඔහු සමත් විය.

2006 වසරේදී තිරගත වු අම්මාවරුනේ සිනමා පටය ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පිරිස් මහතා අතින් අධ්‍යක්ෂණය කළ අවසන් සිනමා පටය වෙයි.

මීට අමාතරව ලෙස්ටර් ජෙම්ස් පිරිස් මහතා 1975 වසරේදී ගෝඩ්කින් නැමැති ඉංග්‍රීසි සිනමා පටය අධ්‍යක්ෂණය කළ අතර තවත් කෙටි චිත්‍රපට කිහිපයක් ද අධ්‍යක්ෂණය කර තිබේ.

ලෙස්ටර් ජෙම්ස් පිරිස් මහතා මෙරට සිනමාව වෙනුවෙන් සිදු කළ අග්‍රගන්‍ය සේවාව වෙනුවෙන් දේශිය මෙන්ම ජාත්‍යන්තර සම්මාන රැසකින් ද පිදුම් ලැබීය.

අද දෙරණ සංවිධානය කරන “ ශ්‍රී  ලංකන් ඔෆ් ද ඉයර්” සම්මාන උළෙලේදී ජිවිතේ එක්වරක් පමණක් හිමිවන විශේෂ සම්මානයෙන් ද ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පිරිස් මහතා පසුගියදා පිදුම් ලැබීය.

(under the courtesy of nethnews.lk news web)

Related posts

හෝමාගම ක‍්‍රිකට් පිටිය එපා ඇයි.. මහේල අගමැති මහින්දට කල සුපිරි පැහැදිලි කිරීම..[Video]

Shiran Viraj

IPL පිටියට චමරි අතපත්තු එක්වෙයි

Shiran Viraj

රත්නපුරෙන් පවිත්‍රාට මනාප ලක්ෂ 2ක්

Shiran Viraj

Leave a Comment