International News News

ලොව පළමු බුද්ධ රූපය කණිෂ්ක රන් කාසිය ද?

ක්‍රි.ව. 74 – 101 අතර කාලයේදී වයඹදිග ඉන්දියාවේ රාජ්‍යය විචාල කණිෂ්ක රජතුමා තම පාලන කාලය තුළ නිකුත් කළ රන් කාසියකි. එම කාසියේ විශේෂත්වය නම් එහි එක්‌ පසෙක බුද්ධ රූපයක්‌ නිරූපණය වීමයි. බුද්ධ රූපය වටා ග්‍රීක අක්‌ෂරයෙන් බොඩ්ඩෝ (BODDO) ලෙසද සඳහන්ය. එ නිසා නිසැකවම එම රූපය බුදු රුවකි. එහි අනෙක්‌ පස කණිෂ්ක රජුගේ රුවකි. රජතුමා පාර්ශ්ව දර්ශීව (පැත්ත හැරී සිටින සේ) දක්‌වා ඇත. වමතේ කඩුවකි. රාජකීය ඇදුමෙන් යුතුය. ඝනව වැවුණු රැවුල සහ ඔටුන්න සහිතය. රජතුමා වටා ග්‍රීක අක්‌ෂරයෙන් “ශාඔනා ඔෂාඕ කනෙශ්කි කොශානෝ” ලෙස සඳහන්ය. රාජ රාජ කුෂාන් කණිෂ්ක ලෙස ඉන් කියෑවේ.

මෙම රන් කාසිය නිසා බුදු පිළිම ඉතිහාසය තුළ සිදුවන වැදගත්ම සිදුවීම වන්නේ බුදු පිළිමයට දින වකවානු එකතු වීමයි. වෙනත් බුදු පිළිමවල එය නිර්මාණය කළ දිනය සඳහන් නොවේ. කණිශ්ක රන් කාසිය නිකුත් කර ඇත්තේ කණිෂ්කගේ පාලන කාලයේදී වන බැවින් මෙම පිළිම කැටයම ක්‍රි. ව. 74 – 101 අතර කාලයට අයත් බව තහවුරු වේ.

බුද්ධ පරිනිර්වාණයෙන් පසුව බෞද්ධ ජනයා අතර බුදු පිළිම වන්දනාවක්‌ තිබී නැත. එහෙත් බුදුන් වෙනුවට වෙනත් සංකේත කීපයක්‌ වන්දනා කර ඇත. ශ්‍රී පාදය, ඡත්‍රය හෙවත් කුඩය, බෝධි වෘක්‌ෂය, ආසනය, ස්‌වස්‌තිකය, ධර්මචක්‍රය, යන සංකේත ඒ් අතර වේ. සාංචි තොරණ කැටයම් අතර බුදු රුව දැකිය නොහැකි වුවද ඉහත සඳහන් සංකේත බුදුන් වෙනුවට යොදා තිබෙනු දැකිය හැක.

බුද්ධ පරිනිර්වාණයෙන් පසු පිළිම නිර්මාණය නොකිරීමට මුල් වූ කාරණා කීපයක්‌ ඇත.

1. බුද්ධ පරිනිර්වාණයෙන් බොහෝ කල් ගතවී ඇති නිසා බුදුන් වහන්සේගේ රූපය පිළිබඳ අවබෝධයක්‌ කලා ශිල්පීන්ට නොවීම.

2. බුදුන් වැනි ශ්‍රේෂඨයෙකුගේ පිළිමයක්‌ නිර්මාණය කිරීමට බිය වීම.

3. බුද්ධත්වය අවබෝධ කරගත් කෙනෙකුව මිනිස්‌ රූපකායෙන් නිර්මාණය කිරීමට මැළි වීම

4. බුදු රුව නිර්මාණය කිරීමට කිසිවෙකුත් අනුග්‍රහය නොදැක්‌aවීම.

ක්‍රිස්‌තු වර්ෂ ආරම්භයත් සමග ඉන්දියාවට සංක්‍රමණය වන කුෂාන් වරු, බෞද්ධයන් නොවීය. කුෂාන් පරම්පරාවේ මුල් කාලීන රජවරුන් වන කුජුල කැඩ්පයිසීස්‌ (ක්‍රිව 25 – 50) වීමා කැඩ්පයිසීස්‌ (ක්‍රි.ව. 50 – 74) තමන්ගේ මුල් රාජ්‍යයන්හි පැවති ආගමක්‌ අදහා ඇත. කුෂාන් පරම්පරාවේ තෙවන රජතුමා වන කණිෂ්ක බුදු දහම වැළඳ ගත්තේය. එතැන් පටන් බුදු දහමේ උන්නතියට එතුමා මහා මෙහෙයක්‌ සිදු කර ඇත. ඔවුහු වැළඳ ගත්තේ මහායාන බුදු දහමයි. තෙරවාදී බුදු දහමේ හරය පිළිබඳ දැනුමක්‌ ද ඔහුට නොවීය. එබැවින් බියකින් චකිතයකින් තොරව බුදු පිළිම නිර්මාණ කාර්යයට ඔහු කටයුතු කර ඇත.

කුෂාන් වරු ග්‍රීසිය සහ රෝමය සමග සමීප සබඳතා පවත්වා ඇත. ග්‍රීකයින් තම දෙවිවරුන් මනුෂ්‍ය ස්‌වරූපයෙන් යුතුව නිර්මාණය කර ඇත. එA අනුව බුදු පිළිමයක්‌ නිර්මාණය කිරීමේ අවශ්‍යතාව කණිශ්ක රජුට විය.

කණිෂ්කගේ අගනුවර වූ ගාන්ධාරයට ගෙන්වා ගත් ග්‍රීක ශිල්පීන් මුල්ම බුද්ධ රූපය නිර්මාණය කරන්නට ඇත. එA හේතුව නිසා ගාන්ධාරයේ නිර්මිත මුල්ම බුදු රූප ග්‍රීක රෝම ලක්‌ෂණවලින් යුතුවිය. මේ කාලයේදී ගාන්ධාරයේ නිර්මිත බුදු පිළිමවල ඇති ග්‍රීක ලක්‌ෂණ පහත දක්‌වා ඇත.

1 බුදු පිළිම ගී්‍රක ඇපොලෝ දෙවියන්ගේ ස්‌වරූපයට සමාන වීම.

2 බුදුන්ගේ සිවුර ග්‍රීක ටෝගාව නම් ඇ`දුමට සමාන වීම.

3 ප්‍රසන්නවූ සිනහවෙන් යුතු වීම.

4 බුදුන් බව පෙන්වීමට ඌර්ණ රෝමය යෙදීම.

මේ අයුරින් ග්‍රීක ශිල්පීන් යොදවා කණිශ්ක රජතුමා නිර්මාණය කරවූ බුද්ධ ප්‍රතිමා අතර දුෂ්කර ක්‍රියාව දැක්‌වෙන ගාන්ධාර බුද්ධ ප්‍රතිමාව, බ්‍රෙගම් ප්‍රදේශයෙන් හමුවූ යමාමහ පෙළහර පෑම රූපය, හෝටිමන්දාර් බුදු පිළිමය, යනාදිය විශේෂ වේ.

දේවානම් පියතිස්‌ස රාජ යුගයේදී ශ්‍රී ලංකාවට බුදු දහම ලැබුණි. එ සමගාමීවම බෞද්ධ කලාව බෞද්ධ, ගෘහනිර්මාණ ශිල්පය ද ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත විය. දේවානම් පියතිස්‌ස රජතුමා රාජ්‍ය විචාලේ ක්‍රි.පූ. 307-267 අතර කාලයේ දී වන අතර එම කාලය කණිෂ්ක රජතුමා සිටි කාලයට වඩා සියවස්‌ දෙකකට වඩා පෙර කාලයකි. දේවානම් පියතිස්‌ස රාජ යුගයේදී පැවතියේ යෑයි සඳහන් වන බුදු පිළිමයක්‌ පිළිබඳ සඳහනක්‌ මහාවංශයේ වේ.

“එA පෘථිවීශ්වර තෙමේ පැදුම්තිස්‌ පව්ව විහාරයක්‌ කරවා පාඵාවාසයෙහි සංඝයාට දුන්නේය. එ දෙටුතිස්‌ රජ දෙවනපෑතිස්‌ රජු විසින් පෙර ථූපාරාමයෙහි පිහිටුවන ලද මනා දැකුම් ඇති මහා ගල් පිළිමය ථූපාරාමයෙන් ගෙනගොස්‌ පැදුම්තිස්‌ පවු අරම්හි පිහිටූවීය” (මහාවංශය – ශ්‍රී සුමංගල – බටුවන්තුඩාවේ දෙවරක්‌ෂිත සංස්‌කරණය 36 වන පරිච්ඡේදය – 127-128 ගාථා)

ඒ අනුව ශ්‍රී ලංකාවේ ක්‍රි. ව. 267 – 276 දී ජෙට්‌ඨතිස්‌ස රජතුමා පාචීන තිස්‌ස පබ්බත විහාරය කරවා එහි වැඩ හි`දුවා ඇතිතේ පෙර දේවානම් පිය තිස්‌ස රජතුමා විසින් ථූපාරාමයේ පිහිටුවන ලද සෙල් පිළිමයයි. එහෙත් ක්‍රිව 1940 දී සෙනරත් පරණවිතාන මහතා කැණීම් මගින් ප්‍රාචීන තිස්‌ස පබ්බත විහාරය හ`දුනා ගනු ලැබූ අතර එහි තිබී බුදු පිලිමයක්‌ හමු නොවීය. එහෙත් ඉන් ලොව මුල්ම බුදු පිළිම නිර්මාණය කලේ සිංහලයන් බවට ඉඟියක්‌ ලැබේ.

ප්‍රතිමාවක්‌ එය නිර්මිත කාලසීමාව තීරණය කිරීමේදී එහි ලිත තොරතුරු, කලා ලක්‌ෂණ, මාධ්‍යය, එය හමුවූ ස්‌ථානයේ ඓතිහාසික තොරතුරු, යනාදිය ද වැදගත්වේ. ලිත තොරතුරු නොමැති නම් එහි නිවැරදි කාල නිර්ණය කිරීම අපහසු කාර්යයකි. ඉන්දියාවේ හෝ වේවා ශ්‍රී ලංකාවේ හෝ වේවා ඉපැරණි බුදු පිළිම සමග එහි තොරතුරු කොටා තැබීමක්‌ කර නැත. එසේ නිශ්චිත කාල සීමාවක්‌ තීරණය කල හැකි එකම බුදු රුව වන්නේ කණිශ්ක රන් කාසියේ ඇති බුද්ධ රූපය බව පැවසිය හැකිය.
(under the courtesy of adaderana.lk news web)

Related posts

දියවන්නා ඇලට ගිය BMW අයිතිකාරයා මගේ ඥාතියෙක්…! ඇමති කබීර් හෂීම් කියන කතාව…!

Shiran Viraj

කොටි සලකුණු කිසිවක් නෑ..හමුදා ආරක්ෂාව හමුවේ සිවාජිලිංගම් මහවිරු දිනය සමරයි..

Shiran Viraj

කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය හෙට (07) සිට සේවා අරඔයි.

Shiran Viraj

Leave a Comment