News Sports Sports News

මාලිංගට යළිත් අවාසනාව උරුම වෙයි (VIDEO)

කැනඩාවේ පැවැත්වෙන ග්ලෝබල් පන්දු වාර 20 ක‍්‍රිකට් තරගාවලියේ ලසිත් මාලිංග නායකත්වය දරණ මොන්ටේ‍්‍රල් ටයිගර්ස් කණ්ඩායම ඊයේ (30) තවත් තරගයක් පරාජයට පත්වුණා.
 
ඒ, සී. ඩබ්ලිව්. අයි. කණ්ඩායම හමුවේ කඩුළු 02කින්.
 
පළමුවෙන් පන්දුවට පහර දුන් ලසිත් මාලිංගගේ මොන්ටේ‍්‍රල් ටයිගර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුළු 09ක් දැවී ලකුණු 104ක් රැස්කලා.
 
එම ඉලක්කය හඹා ගිය සී. ඩබ්ලිව්. අයි. කණ්ඩායම අවසන් පන්දුවාරයේදී ජය වාර්තා කලා. බිඳවැටුනු කඩුළු සංඛ්‍යාව 08ක්.
 
ලසිත් මාලිංග ලකුණු 32කට කඩුළු දෙකක් දවා ගත්තා. මාලිංගගේ කණ්ඩායම සහභාගී වූ පළමු තරගයද ඉකුත් දා පරාජයට පත්වුණා. 

Related posts

විදුලි ගාස්තු ඉහලට…

Shiran Viraj

ගුරුවරුන් බිහි කිරීමට අලුත් විශ්වවිද්‍යාලයක්…

Shiran Viraj

ලෝක ධනවතුන්ගේ ලයිස්තුව නවීකරණය වේ, “ඊ” ව්‍යාපාරිකයන් පෙරමූණේ .!

Shiran Viraj