International News

ස්මාර්ට් ෆෝන් කිරණ මගින් මතක ශක්තිය නැති වීමේ අවධානමක්

ස්මාර්ට් ජංගම දුරකථන මගින් නිකුත් කරනු ලබන කිරණ හේතුවෙන් තරුණ තරුණියන්ගේ මතක ශක්තිය හීන වීමේ අවධානමක් පවතින බවට මෑතකදී සිදුකළ පරීක්ෂණයකදී අනාවරණ කර ගෙන තිබෙනවා.
 
බොහෝ තරුණ තරුණියන් ජංගම දුරකථනය භාවිතා කිරීමේදී වැඩි වශයෙන් සිය දකුණු කන භාවිතා කරන අතර දුරකතනයෙන් නිකුත් වන කිරණ හේතුවෙන් ඔවුන්ගේ මොලයේ දකුණ පෙදෙසට හානි සිදුවන බවයි මෙම පරීක්ෂණය සිදුකල ස්විට්සර්ලන්තයේ මහජන සෞඛ්‍ය ආයතනය සදහන් කරන්නේ.
 
රූපමය හදුනාගැනීම සහ ඒවා මතක තබා ගැනීම සහ නිර්මාණශීලි කටයුතු ආදිය සදහා මෙහෙයවන්නේ මිනිස් මොලයේ දකුණ පසින් වන අර්ධගෝලය (Right Hemisphere) මගින් වන අතර මෙම කිරණ වලින් සිදුවන හානි නිසා තරුණ පරපුරේ මතක ශක්තිය හීනවීම බහුලව දක්නට හැකි බවයි විශේෂඥයින් සදහන් කරන්නේ.
 
මිට අමතරව ජංගම දුරකථන මගින් සිදුකරන කෙටි පණිවිඩ යැවීම, අන්තර්ජාලයේ සැරිසැරීම, ජංගම දුරකථන හරහා සිදුකරන වීඩියෝ ක්‍රීඩාවන් නිසාද තරුණ පරම්පරාවට සිදුවන හානිය සුළුපටු නොවන බවයි ඔවුන් සිය අධ්‍යන වාර්තාව නිකුත් කරමින් කියා සිටින්නේ.
 
ජංගම දුරකථන මගින් නිකුත් කරනු ලබන විද්‍යුත් චුම්බක කේෂ්ත්‍ර කිරණ  (Radio frequency electromagnetic fields (RF-EMF) හේතුවෙන් තරුණ තරුණියන්ගේ මතක ශක්තිය හීන කරවීමට බලපාන ප්‍රධාන සාධකය ලෙස විශේෂඥයින් හදුනාගෙන තිබෙනවා.
 
ජංගම දුරකථන මගින් නිකුත් කරනු ලබන විද්‍යුත් චුම්බක කේෂත්‍ර කිරණ යොදා ගනිමින් විද්‍යාගාරයකදී මීයන් යොදා ගනිමින් සිදුකළ පරීක්ෂණයකදී එම මියන්ගේ මොලය අවට සෛල වලින් 80% ක් පමණ හානි සිදුව තිබු බව මෙම අධ්‍යනය සිදුකළ ස්විට්සර්ලන්තයේ මහජන සෞඛ්‍ය ආයතනයේ ප්‍රධානි Martin Röösli සදහන් කර සිටිනවා.
 
දෛනිකව ජංගම දුරකථන මගින් නිකුත් වන විද්‍යුත් චුම්බක කේෂත්‍ර කිරණ වලට නිරාවරණය වීමෙන් මිනිස් මොලයේ සෛල වලට සිදුවන හානිය මේ අනුව ඝණනය කළ හැකි බවත් ඉන් ආරක්ෂා වීම සදහා ක්‍රියා කිරීම තම තමන්ගේම වගකීම බවද පර්යේෂකයින් සදහන් කරනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

විලියම් කුමරු ක්‍රයිස්චර්ච් මුස්ලිම් දේවස්ථානයට යයි

Shiran Viraj

2018 වෙනුවෙන් බෙන්ජමින් නෙතන්යාහු මෝදීට දෙන්න හදන තෑග්ග මෙන්න (PHOTOS)

Shiran Viraj

නෞකා දෙකක් ගැටෙයි – 32 ක් අතුරුදන්

Shiran Viraj

Leave a Comment