News

දේශීය ටෙලිනාට්‍ය වෙනුවෙන් පෙරළිකාර වැඩක්

ITN තුළින් විකාශය කෙරුණු ටෙලි නාට්‍ය වෙනුවෙන් වූ කඩිනම් ගෙවීම් වැඩපිළිවෙලෙහි පළමු අදියර, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා ක්‍රියාත්මක වූ අතර එහිදී රුපියල් ලක්ෂ තුන්සිය හතලිහක් පළමු පියවර යටතේ ලබාදෙන්නට ITN  පියවර ගනු ලැබිය.
 
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන යටතේ දේශීය කලා ශිල්පීන් රැසක්ම ඔවුන්ට හිමි ගෙවීම් ලබා මෙහිදී ලබාගත්හ.
 
ටෙලි නාට්‍ය නියාමනය සදහා විශේෂ වැඩපිළිවෙළක්  ක්‍රියාත්මක කරන බව ද මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා එම උත්සවයේදී කියා සිටියේය.
 
ඒ සදහා විශේෂ ආයතනයක් පිහිටුවා මෙම වසර තුළදීම අදාළ කාර්ය ආරම්භ කරන බව  ITN මාධ්‍ය ජාලයේ පැවති උත්සව සභාව අමතමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
 
ITN සභාපතිනි තිලකා ජයසුන්දර මහත්මිය, ප්‍රධාන විධායක නිලධාරී චන්දන තිලකරත්න මහතා මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පී ආචාර්ය ජයලත් මනෝරත්න මහතා ඇතුළු විශාල පිරිසක් එම උත්සව අවස්ථාවට සහභාගී වුහ.

Related posts

හෙට අනිද්දා විදුලි කැපිල්ල මෙහෙමයි..

Shiran Viraj

බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් 246 කට කොරෝනා : මුළු ආසාදිතයින් ගණන 569 දක්වා ඉහලට

Shiran Viraj

පාස්කු ප‍්‍රහාරයට සිරිසේන වගකිව යුතුයි..- හිටපු හමුදාපති

Shiran Viraj

Leave a Comment