Local News News

නායයාම් නිවේදන තවදුරටත් වලංගුයි – ගංගාවල ජල මට්ටම සාමාන්‍ය තත්ත්වයට – පහත් බිම්වල වෙසෙන ජනතාව අවධානයෙන් සිටින්න

පවතින වර්ෂාව හේතුවෙන් දිස්ති‍්‍රක්ක කිහිපයකට නිකුත් කළ නායයෑම් අනතුරු ඇගවීම තවදුරටත් වලංගු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නායයෑම් පර්යේෂණ අංශයේ වැඩබලන අධ්‍යක්‍ෂ ආචාර්ය ගාමිණි ජයතිස්ස පවසනවා.
වැසි සමග ගංගා ජල මට්ටම ඉකුත් දින කිහිපයේදීම ඉහළ ගියා. කෙසේවෙතත් මේ වනවිට ස්ථාන කිහිපයක් හැරෙන්නට ගංගාවල ජල මට්ටම සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂ මාලා අලවතුගොඩ පැවසුවේ.
ගිංගඟ පිටාර ගැලීම හේතුවෙන් බද්දේගම ප‍්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යට වුණා. එම ප‍්‍රදේශයේ ජල ගැලීම් තත්ත්වයද මේ වනවිට පහව යමින් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. රාජාංගණය ජලාශයේ වාන් දොරටු 4 ක් අඩි එක බැගින් අද විවෘත කෙරුණා.
මේ හේතුවෙන් කලාඔයේ ජලමට්ටම ඉහළ යා හැකි බැවින් පහත් බිම්වල වෙසෙන ජනතාව ඒ පිළිබද විමසිල්ලෙන් පසුවන ලෙසයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. කලාඔය පිටාර ගැලීම හේතුවෙන් පුත්තලම මන්නාරම මාර්ගය එළුවන්කුලම ප‍්‍රදේශයෙන් ජලයෙන් යටවී තිබෙනවා. මේ වනවිට දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 4 ක් ද විවෘත කර ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. පවතින මහවැසි සමග ඇති වූ ජල ගැලීම් සහ වෙනත් ආපදා හේතුවෙන් මේ වනවිට දිස්ති‍්‍රක්ක 13 ක පුද්ගලයින් පනස් දහසකට ආසන්න සංඛ්‍යාවක් පීඩාවට පත්ව සිටිනවා. වාර්තා වී ආපදා මරණ සංඛ්‍යාව 9 ක්.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ලංකාවම පිළිගන්න කෙනෙක් ගේනවා..අලුත් ක්‍රීඩා ඇමති හරීන් ක්‍රිකට් වලට කරන්න යන දේ ගැන කියයි

Shiran Viraj

හිටපු ගුවන් හමුදාපති බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයට

Shiran Viraj

වසරකට නීති විරෝධී ගබ්සා 36,500ක්

Shiran Viraj

Leave a Comment