Local News News

හබරාදුවේ වෙඩි තැබීමක්

හබරාදුව, අකුරැස්ස පාර, පිලාන ප්‍රදේශයේදී වෙඩි වැදී තුවාල ලබා සිටි පුද්ගලයෙකු සොයාගෙන තිබේ.
තුවාල සහිතව පුද්ගලයෙකු වැටී සිටින බවට පොලිස් හදීසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව අදාළ පුද්ගලයා සොයාගෙන ඇති අතර තුවාලකරු ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසීය පැවසීය.
වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ ගාල්ල, තෙංකල්ලගොඩ ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් හබරාදූව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව ඉටුකම අරමුදලට රුපියල් මිලියන 92ක මුදල් පරිත්‍යාගයක්

Shiran Viraj

වහපු පාර්ලිමේන්තුව අරින්න මංගල දත කයි..

Shiran Viraj

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අමතක නොවන ජයක් හිමි කරගනී

Shiran Viraj