Local News News

ප්‍රදේශ කිහිපයකට සවස 4 වෙනකම් වතුර නෑ

අද(10) දින ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට කටයුතු කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවැසීය.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට දෙහිවල දක්වා ජලය සැපයෙන ප්‍රධාන ජල මාර්ගයේ අත්‍යවශ්‍යය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජලසැපයුම අත්හිටුවා ඇති බව සඳහන් වෙයි.

දෙහිවල – ගල්කිස්ස, රත්මලාන, සොයිසාපුර, කොළඹ 06,  මුල්ලේරියාව හා පැලවත්ත යන ප්‍රදේශවලට අද(10) සවස 4.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව වාර්තා වෙයි.

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ එම කාලය තුළ කොළඹ 4 හා 5 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජල සැපයුම සැපයෙන බවයි .

(under the courtesy of adaderana.lk news web)

Related posts

ගංජා අපේ ඉතිහාසය සමග බැදුනු දෙයක්.. රාවණා රජුගේ සිට භාවිත කලා..- ඇමතිනී ඩයනා

Shiran Viraj

වත්තල ෆැක්ටරියක අහඹු පරීක්‍ෂණවලින් 66%කට කොරෝනා.. ඉන් 92ක් ඉන්දීය ජාතිකයන්.. වසා දමයි…

Shiran Viraj

බස්නාහිර ලොක්ඩවුන් කරන්නැයි කියයි..

Shiran Viraj