International News News

ලෝකයේ නිවුන් දරුවන්ගේ උපත් වැඩිවෙයි

නිවුන් දරුවන් ඉපදීම බොහෝ දෙනා සලකන්නේ සොබා දහමේ අපූරු සිදුවීමක් වශයෙනි. එමෙන්ම එය එක්තරා දුරකට දුර්ලභ සිදුවීමක් ද වෙයි.

මේ අතර ලෝකයේ බොහෝ කලාපවල නිවුන් දරු උපත් කමෛන් වැඩි වෙමින් ඇති බවට විවිධ සමීක්ෂණ හරහා අනාවරණය වෙමින් තිබේ. නිදසු නක් ලෙස ඇමෙරිකාව තුළ 1980 වනවිට නිවුන් දරුවන් සිටියේ සෑම දරුවන් 53 දෙනෙකුටම එක් අයෙකු වශයෙනි. නමුත් 2009 වනවිට මෙය සෑම දරුවන් 30 දෙනෙකුටම එක් අයෙකු බවට පත්ව තිබේ.

එය සැලකියයුතු වැඩි වීමක් බව අමුතුවෙන් කිව යුතු නැත. මේ ආකාරයෙන් නිවුන් දරු උපත් වැඩිවෙමින් ඇත්තේ මන්දයන්න සම්බන්ධයෙන් ද විවිධ සමීක්ෂණ පැවැත්වෙමින් තිබේ. මේ අන්දමින් එවැනි දරු උපත් වැඩි වීමට සාධක කිහිපයක් බලපා ඇති බව මෙම සමීක්ෂණ වලින් අනාවරණය වී ඇත. එකක් නම් කාන්තාවන්ගේ සරුබව වර්ධනය කිරීමේ ප්‍රතිකාර ක්‍රම දියුණු වීමයි. කාන්තාවන් වැඩි වැඩියෙන් මෙවැනි ප්‍රතිකාර ක්‍රමවලට යොමුවෙමින් සිටීම නිවුන් දරු උපත් වැඩිවීමට ද බලපා ඇති බව එක් මතයකි. තවත් මතයකින් පැවැසෙන්නේ කාන්තාවන් අතර ස්ථුලභාවය වැඩි වීම මෙයට හේතුවක් බවයි.

වැඩි ස්ථුලබවින් යුතු කාන්තාවන් අතර සහ උසින් වැඩි කාන්තාවන් අතර නිවුන් දරු උපත් වැඩි බව ඇතැම් සමීක්ෂණ වලින් තහවුරු වී තිබේ. අවුරුදු 35 ට වැඩි වයස්වලදී දරුවන් බිහිකරන කාන්තාවන් ප්‍රමාණය පෙරට වඩා වැඩි වීමද මෙයට තවත් හේතුවක් ලෙස සඳහන් වෙයි. ඉහත කී වයස්වල කාන්තා වන්ට නිවුන් දරුවන් බිහිවීමට වැඩි ඉඩක් ඇති බව අනාවරණය වී තිබේ.  මෙයට දශක කිහිපයකට පෙර කාන්තාවන් මෙම වයස්වලදී දරුවන් බිහි කළාට වඩා වැඩියෙන් මේ කාලයේ කාන්තාවන් මෙම වයස් වලදී දරුවන් බිහිකරන බව හෙළි වී තිබේ. මෙයද වර්තමානයේ ඇතැම් කලාපවල නිවුන් දරුවන් වැඩි වීමට එක් හේතුවක් ලෙස සැලකේ.

යුරෝපයේ නිවුන් දරු උපත් අනුපාතය සෑම උපත් 1000කටම 16ක් ලෙස සටහන් වන අතර ඇමෙරිකාවේ එම අගය 33 කි. අප්‍රිකානු රටවල මෙම උපත් අනුපාතය සෑම උපත් 1000 කටම 18ක් ලෙස සැලකේ. ලතින් ඇමෙරිකානු සහ අග්නිදිග ආසියානු කලාපවල මෙය 10 ට අඩු අගයක් ගන්නා බව සඳහන් වේ. කෙසේ හෝ වේවා මෙම සියලු වාර්තාවන් බිඳ හෙළමින් ලෝකයේ නිවුන් දරු උපත් වැඩිම නගරය ලෙස වාර්තා පිහිටු වූ තැනක් ගැන පසුගියදා වාර්තා විය. ඉග්බො ඕරා (Igbo Ora) යන නමින් හැඳින්වෙන මෙම නගරය පිහිටා ඇත්තේ නයිජීරියාවේය. ඉග්බො ඕරා නයිජීරියාවේ නිරිත දිගින් පිහිටි ඕයෝ නැමැති ප්‍රාන්තයෙහි පිහිටි තරමක් නොදියුණු නගරයක් බව සඳහන් වේ. මෙම නගරයේ නිවුන් දරු උපත් අනුපාතය සෑම උපත් 1000කටම උපත් 50 කට ආසන්න වන බව සමීක්ෂණයකින් හෙළි වී තිබේ.  තව විදියකට කියතොත් සෑම උපත් 20 කට එකක් නිවුන් උපතක් ලෙස සැලකිය හැකිය. සමහර නිල නොවන වාර්තාවලට අනුව මෙම අනුපාතය සෑම උපත් 1000කටම උපත් 158ක් ලෙස ද සඳහන් වේ. එය සත්‍යයක් නම් සෑම උපත් 6 කට එකක් නිවුන් දරු උපතක් වෙයි. මෙම නගරයේ සෑම නිවසකම පාහේ  නිවුන් දරුවන්  සිටින බව ද වාර්තා වන අතර මේ නිසා මෙම නගරය මැදින් ඇවිදයන කෙනෙකුට නිතර නිවුන් පුද්ගලයන් දකින්නට ලැබෙන බවත්, එය සාමාන්‍යයෙන් ලෝකයේ බොහෝ තැන්වල දී නොලැබෙන අපූරු, අසාමාන්‍ය අත්දැකීමක් බවත් සඳහන් වේ. මෙම නගරයට ඇතුළු වන තැන  ‘නිවුන්නුන්ගේ දේශයට සාදරයෙන් පිළිගනිමු’ යනුවෙන් සඳහන් වන පුවරුවක් ද ඉදි කර තිබේ. සමහරුන් ඉග්බෝ ඕරා නගරය හඳුන්වන්නේ ‘නිවුන්නුන්ගේ ලෝකයේ අගනුවර’ වශයෙනි. (කෙසේ වෙතත්, ඉන්දියාවේ සහ බ්‍රසීලයේ සමහර ප්‍රදේශවලින් ද ඉහළ නිවුන් දරු උපත් අනුපාතයන් වාර්තා වන බව සිහිපත් කළ යුතුය).

නිවුන් දරුවන් උපදින්නේ කිසියම් අහම්බ තත්ත්වයක් නිසා බව සාමාන්‍යයෙන් පවතින පිළිගැනීම වුවත් ඉග්බො ඕරා නගරයේ තත්ත්වය ගැන සලකා බැලීමේ දී ඒ සඳහා හේතුවන කිසියම් නිශ්චිත සාධක තිබිය හැකියයි පෙනීයන බව නාරිවේද විශේෂඥයන්ගේ අදහසයි. මෙම සාධක මොනවා විය හැකිද යන්න සම්බන්ධයෙන් ද විවිධ අදහස් මතු වී තිබෙනු දැකියහැකි වේ. ඇතැම් අය මතු කරන අදහසක් වී ඇත්තේ මෙම ප්‍රදේශයේ වැසියන්ගේ ආහාර පුරුදු මෙයට හේතුවක් වියහැකි බවයි. මෙම ප්‍රදේශවල උදවිය වැඩි වශයෙන් යම්යම් අල වර්ග ආහාරයට ගන්නා බව සඳහන් වෙයි. මෙම අල වර්ගවල ෆයිටොඑස්ට්‍රජන් (Phytoestrogen) නැමැති ස්වාභාවික හෝමෝනය අඩංගු වන බව පැවැසෙන අතර මේ නිසා මෙම කලාපයේ කාන්තාවන් තුළ ද මෙම හෝමෝනය වැඩි වශයෙන් ඇති බව සොයාගෙන තිබේ. නිවුන් දරුවන් බිහිවීම වැඩි වීමට මෙය හේතුවක් විය හැකි බවට සැක පලවෙයි.

නිවුන් දරුවන් උපදින විධි කිහිපයක් තිබේ.  එක් විධියක් වන්නේ කාන්තාවකගේ එක ඩිම්බයක් පමණක් සංසේචනය වී පසුව එය දෙකකට හෝ වැඩි ගණනකට බෙදී ගොස් කළලයන් කිහිපයක් ඇති වීමයි.  තව විධියක් වන්නේ එකවර ඩිම්බයන් දෙකක් හෝ වැඩි ගණනක් සංසේචනයවීම යි. සාමාන්‍ය යෙන් කාන්තාවකගේ ඩිම්බ කෝෂයකින් එක් වරකට නිකුත් වන්නේ එක් ඩිම්බයක් පමණි. බොහෝ විට එක් දරුවෙකු පමණක් බිහිවන්නේ මේ නිසාය. නමුත් කලාතුරකින් එවැනි ඩිම්බ දෙකක් හෝ වැඩි ගණනක් නිකුත් වූ අවස්ථාවක ඒවා එකවර සංසේචනය වීමෙන් දවෛනි ආකාරයට නිවුන් දරුවන් ඉපදීමේ හැකියාව තිබේ. ඉහත කී ෆයිටොඑස්ට්‍රජන් හෝමෝනය නිසා වරකට එක් ඩිම්බයකට වඩා වැඩි සංඛ්‍යා වක්නිකුත් වීමට ඇති හැකියාව වැඩි වන බව ඇතැම් සමීක්ෂණවලින් හෙළි වී ඇත. ඉග්බො ඕරා ප්‍රදේශයේ කාන්තාවන්ට නිවුන් දරුවන් වැඩි වශයෙන් ඉපදීමට හේතුව මෙයවිය හැකි බව විශ්වාස කෙරේ. නමුත් ඇතැම් නාරිවේද විශේෂඥයින් පවසන අන්දමට මෙය නිශ්චිත වශයෙන් සනාථකිරීම සඳහා තවමත් විද්‍යාත්මක සාක්ෂි නැත.
(under the courtesy of hirunews.lk news web)

Related posts

පෘථිවියේ පැවැත්මට ජනපතිගෙන් යෝජනා..

Shiran Viraj

පොහොට්ටු මහ පක්‍ෂයයි.. සුළු පක්‍ෂ අපට ඔ්න දේ කරපල්ලා.. නැතිනම් පලයල්ලා..- ගුටිකෙලියේ පොහොට්ටු මන්ත‍්‍රී කියයි..

Shiran Viraj

කෝටි 64ක ලොතරැයි දිනුමක් ලැබූ ලාංකිකයා

Shiran Viraj

Leave a Comment