News Political

විජේදාස නැවතත් එජාපයට?

ජනාධිපතිවරයා විසින් නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීම මෙන්ම පාර්ලිමේන්තුවද විසුරවන ලද්දේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුලව බවත් තමන් යලි එක්සත් ජාතික පක්ෂය සමග එකතු වෙනවා යැයි පවසන කටකතා සියල්ල අසත්‍යයක් බවද අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා සදහන් කරයි.

ජනාධිපතිතුමා සමග ජනපති නිල නිවසේ පැවති විශේෂ සාකච්ඡවකින් අනතුරුව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය කරන බංකොලොත් එක්සත් ජාතික පක්ෂය සමග තමන් කිසි විටකත් එක් නොවන බවයි.

කතානායක කරු ජයසුරිය මහතා දඩමීමා කර ගනිමින් ව්‍යවස්ථානුකුලව විසිරවූ පාර්ලිමේන්තුව තුල වගේම රට තුලත් අර්බුධයක් නිර්මාණය කරමින් එක්සත් ජාතික පක්ෂය සැබෑවටම ජනතාව ඉදිරියට යාමට විශාල බියක් දැක්වීම නිසා මැතිවරණය වලක්වමින් මේ සිදු කරන මේ නිහීන ක්‍රියාව තරයේ හෙලා දකින අතර බල තණ්හාව පෙරදැරි කරගත් එක්සත් ජාතික පක්ෂයේ බංකොලොත් කිහිප දෙනෙකුට අවශ්‍ය පරිදි සිදු කරන බල අරගලය සදහා තමන් කිසිවිටෙකත් සම්බන්ධ නොවන බවද ඔහු කියා සිටී.

මේ දිනවල එක්සත් ජාතික පක්ෂය විසින් මහ බැංකු බැදුම්කර මංකොල්ලයේ සල්ලි විසික් කරමින් මන්ත්‍රී ඔළු ගෙඩි මිලදී ගැනීම සිදු කලත් තමන් එම මුදල් වලට විකිණෙන්නේ නැති බවත් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

පෙට්ට්‍රල් 19කින්, ඩීසල් 52කින් මිල වැඩි කල යුතුයි.. නැතොත් ඉන්ධන ගේන්න සල්ලි නෑ..- ගම්මන්පිල..

Shiran Viraj

සජිත්ගේ ඉංග‍්‍රිසි පණිවුඩය රටත් හිනස්සා ලෝකයත් හිනස්සයි.. මහ රැජිනට හෝ ට‍්‍රම්ප්ට තේරුම් ගන්න බෑ.. උසුලු විසිලුවලින් සමාජ ජාලා පිරේ..

Shiran Viraj

අර්බුදයට චන්ද්‍රිකා විසදුම් දෙකක් දෙයි..

Shiran Viraj

Leave a Comment