Entertainment Entertainment News News

තරුවක් වෙලා එළියට ආපු එම්.ජී. ධනුෂ්ක ගැන අපි නොදන්න කතාව

දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගය හරහා ගායන ක්ෂේත්‍රයට ආපු තරුවක් තමයි එම්.ජී. ධනුෂ්ක කියන්නේ. ගායනා තරුවල ජනප්‍රියත්වය කාලෙන් කාලෙට වැඩි අඩු වෙනවා. ඒත් එක්ක ඔවුන්ගේ ජීවිතත් වෙනස් වෙනවා. තරුවක් වෙන්න කලින් වගේම තරුවක් වුණාට පස්සෙත් එම්.ජී. ළඟ හිටපු කෙනෙක් තමයි ඔහුගේ බිරිය ඉරෝෂා සඳමාලි. ඇය තමයි එම්.ජී.ගේ ජීවිතේ වෙනස්කම් සියල්ල දකින කෙනා. මෙදා පාර සැමියාගේ වතගොත කියන්න ඇය හදගැස්මට එකතු වුණා.

පෙම්වතා කාලේ ධනුෂ්ක

ඒ කාලේ ටිකක් දඩබ්බරයි. කියන දේවල් ඇහුවෙත් නෑ. අපි ඉස්කෝලේ යන කාලේ තමයි යාළු වුණේ. එයා ඒ කාලේ හරිම දඟයි. එයා තාත්තාගෙන් ඕනෑතරම් ගුටි කාලා තියෙනවා.

තරුවක් වෙන්න කලින් එම්.ජී.ගේ පසුබිම

දුප්පත් කෙනෙක්. තාත්තා කුලී වැඩ කළේ. ඉස්කෝලෙදී එහෙම සින්දු කිව්වා ඉස්සර. මමමයි තරගවලට යන්න එයාට ඇප්ලිකේෂන් දැම්මේ. එක පාරක් ඩ්‍රීම් ස්ටාර් ගිහින් තරගයේ මැදදී ඉවත් වෙන්න වුණා. ආයේ නම් යන්නේ නෑ කියලා තමයි කිව්වේ. හැබැයි ආපහු මම ඇප්ලිකේෂන් එකක් දැම්මා. ඒකෙන් තමයි එයාට ඉදිරියට එන්න පුළුවන් වුණේ.

සැමියා විදියට

සැමියා වුණාට පස්සේ දඩබ්බර ගති ටිකක් අඩු වුණා. එයා මොකක් හරි දෙයක් ගැන තීරණයක් ගනිද්දී එයාම හරි කියලා හිතලා තීරණ ගන්නවා. මම ඒ තීරණවලට උදවු වෙනවා.

ජනප්‍රියත්වයත් එක්ක ධනුෂ්ක වෙනස් වෙයි කියලා හිතුවාද?

නෑ. එහෙම නම් හිතුවේ නෑ. ගොඩක් අය ජනප්‍රිය වුණාම වෙනස් වෙනවා. ඒ අතින් නම් එයා එහෙම නෑ. හිටපු කෙනාම තමයි.

ධනුෂ්කගේ ජනප්‍රියත්වය ඔබට බලපාපු විදිය

මට ඒක එහෙම ලොකු වෙනසක් වුණේ නෑ. මොකද එයා හිටපු විදියමයි තාමත්. ඉස්සර එයා විවාහ වෙලා කියලත් කියලා තිබ්බේ නෑ. ඒ දවස්වල එයාගේ ආර්ටිකල් එහෙම දැක්කම මගේ හිත රිදුණ අවස්ථා තියෙනවා.

ජනප්‍රිය වුණාට පස්සේ ආදරේ වෙනසක් වුණාද?

කාර්යබහුලත්වයත් එක්ක අඩුපාඩු වෙන්න ඇති. හැබැයි ඒ තිබුණ ආදරේ වෙනසක් වුණේ නෑ.

තාත්තා කෙනෙක් විදියට

තාත්තා කෙනෙක් විදියට හැම වගකීමක්ම ඉටු කරනවා. ඒ වගේම ළමයින්ට හරිම ආදරෙයි. ළමයි වෙනුවෙන් හැම කැපකිරීමක්ම කරනවා.

ධනුෂ්ක කාර්යබහුල වුණාම ජීවිතයේ වෙනත් දේවල්වලට අවධානය වැඩි වෙද්දී ඔබේ හිත රිදුණු අවස්ථා නැද්ද?

ගොඩක් ඉවසීම තිබ්බා මගේ. දුකක් දැනුණ වෙලාවට ඇඬුවා. හැබැයි හිත හයිය කරගන්න පුළුවන් වෙන්න ඕනේ. අපිට එන කරදර, බාධක අපිට දරාගන්න පුළුවන් වෙන්න ඕන.

කාර්යබහුල වෙද්දී පවුල සහ ඔබව ඔහුට මඟ හැරුණේ නැද්ද?

සමහර වෙලාවට එයාට එහෙම වෙන්නත් ඇති. හැබැයි ඒ ගැන හිතලා දුක්වෙලා ඒ දේ පස්සේ ගියා කියලා වැඩක් වෙන්නේ නෑ. සමහර වේලාවට එයාට වැඩ වැඩි වෙද්දී කේන්තිත් යනවානේ. ඒ වෙලාවට පොඩ්ඩක් කෑ ගහනවා. මම ඒවාට මුකුත් කියන්න යන්නේ නෑ. පස්සේ එයාම ඒ දේවල් තේරුම් ගන්නවා.

එම්.ජී. විවාහ වෙලා නෑ කියලා මාධ්‍යයට හංගපු වෙලාවේ ඔබට මොකද හිතුණේ?

වේදනා දැනුණු වාර ගාණ අනන්තයි. හැබැයි අවස්ථාවේ හැටියට ඒ දේවල් කරන්න ඕන වුණ නිසා ඒ දේවල් ඉවසගෙන හිටියා. එතකොට හිටියේ දුව විතරයි. එයාට අවුරුදු එකහමාරයි එතකොට.

මුල් කාලේ ධනුෂ්කට තිබුණ ජනප්‍රියත්වය තාමත් තියෙනවද?

දැන් පොඩ්ඩක් ජනප්‍රියත්වය අඩු වෙලා තියෙන්නේ. මුල් කාලේ තිබ්බ තරම් ජනප්‍රියත්වයක් නෑ දැන්. ගීත වගයක් කරලා තියෙන්නේ. හැබැයි ඒවාට විෂුවල් කරන්න තාම බැරි වුණා.

ධනුෂ්කගේ ජීවිතයේ මඟහැරුණු තැන් තියෙනවද?

ගමේ අයත් එක්ක ඉන්න තිබුණ අවස්ථා අඩු වුණා. මවුපියන් එක්ක වුණත් ඉන්න තියෙන වෙලාව අඩුයි. ගමේ ඉඳන් ප්‍රසංගවලට යන්න අමාරුයි. දුර වැඩි නිසා. ඒ නිසා කොළඹම තමයි ඉන්නේ.

වගකීම් දරන්න පුළුවන් කෙනෙක්ද?

යාළු වෙච්ච කාලේ නම් වගකීමක් තිබ්බෙම නෑ. හැබැයි දැන් වගකීම් සහගතයි. මොකද දැන් තාත්තා කෙනෙක්නේ.

සාමාන්‍ය ජීවිතයේදී කොයි වගේ කෙනෙක්ද?

හරිම සංවේදී කෙනෙක්. ඒ වගේම තමයි ඕන කෙනකුට උදවු කරනවා. කන බොන, අඳින පලඳින දේවල් වුණත් දෙනවා. එයා මිනිස්සුන්ට ගොඩක් උදවු කරනවා.

ධනුෂ්ක ජීවිතය ගැන සීරියස් විදියට හිතන කෙනෙක්ද? සැහැල්ලුවට හිතන කෙනෙක්ද?

සීරියස් හිතන වෙලාවලුත් තියෙනවා. සැහැල්ලුවෙන් හිතන වෙලාවලුත් තියෙනවා. ඉස්සර නම් ජීවිතේ ගැන හරිම සැහැල්ලුවෙන් හිතුවේ. හැබැයි බැඳලා ළමයි එහෙම හම්බවුණාට පස්සේ ජීවිතේ ගැන සීරියස් විදියට හිතනවා.

එම්.ජී. සිහින මැව්වේ කොයි වගේ තැනකට එන්නද?

එයාගේ තාත්තා ගොඩක් දුක් විඳපු නිසා තාත්තාව සතුටින් තියන්න වගේම තාත්තාට සලකන්න පුළුවන් තැනකට එන්න තමයි එයාට ඕන වුණේ. අද එයා ඒ තැනට ඇවිල්ලා තියෙනවා.

ධනුෂ්කට දුකක් හිතුණම?

දුක හිතුණ වෙලාවට පැත්තකට වෙලා ඉන්නවා. ඒ දුක හිතුණ දේ ගැන කියවනවා.

සතුටු හිතුණම?

සතුටු හිතෙන දෙයක් වුණාම මූණේ අමුතුම එළියක් තියෙනවා. ඒ සතුටු හිතෙන දේ එයා මට අනිවාර්යෙන්ම කියනවා.

ධනුෂ්කට තරහා ගියාම කොහොමද හැසිරෙන්නේ?

තරහ ගියාම පැත්තකට වෙලා ඉන්නවා. ඒ වෙලාවට මොනවා වුණත් ඉක්මනට කේන්ති යනවා.

වැඩිපුරම යන්න කැමැති තැන්?

පොඩි අයත් එක්ක ගිහින් නිදහසේ ඉන්න පුළුවන් තැන්වලට තමයි කැමැති.

ධනුෂ්ක වැඩිපුරම ආදරය කරන කෙනා කවුද?

වැඩියෙන්ම ආදරය කරන්නේ එයාගේ තාත්තාට. කොහොමත් ඒක එහෙම වෙන්න ඕනේ. ඊළඟට මට. ඊට පස්සේ ළමයින්ට.

ධනුෂ්කට නැතිවම බැරි අය?

දරුවෝ තුන් දෙනයි මමයි තමයි එයාට නැතිවම බැරි.

ධනුෂ්කගේ විලාසිතා?

එයාට ගැළපෙන චාම් විලාසිතා කරන්න එයා කැමැතියි.

මානසිකව වැටුණු තැන්වලදී ධනුෂ්ක ඒවාට මුහුණ දීපු විදිය.

ජීවිතයේ වැටුණු වෙලාවල් ඕන තරම් තියෙනවා. එයාගේ ජීවිතේ ඒ දේවල් එයා හිමින් හිමින් විස¼දා ගත්තා.

ධනුෂ්ක ගැන අහන්න ලැබුණු සතුටුම ආරංචිය?

එයා ඩ්‍රීම් ස්ටාර් කිරුළ දිනාගත්ත එක තමයි මට එයා ගැන අහන්න ලැබුණු සතුටුම ආරංචිය.

ධනුෂ්ක ගැන අහන්න ලැබුණු නරකම ආරංචිය

එයා වගේම වෙන කෙනෙක් ගෑනු ළමයි එක්ක චැට් කරලා එයාලව රවට්ටලා තිබ්බා. ඒ කෙනාව පොලිසියෙන් අල්ලා ගත්තා. හැබැයි ඒක එයාගේ ප්‍රතිරූපයට හොඳ නෑ. මම ඒ වෙලාවේ එයාව අවිශ්වාස කළේ නෑ.

ධනුෂ්කගේ අපි නොදන්න රහස්

ධනුෂ්ක ආගමට දහමට හරිම ළැදි කෙනෙක්. ගොඩක් කාර්යබහුල නිසා ඒ දේවල් කරන්න වෙලාවක් නෑ එයාට. ඒ වගේම තමයි තමන් කරන දේ උපරිමයෙන්ම කරන කෙනෙක්. සල්ලි ගැන බලන්නේ නෑ. යාළුවන්ට වුණත් පණ වුණත් දෙයි.

උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි

Related posts

කාමය වැඩි වී අසභ්‍ය ආශාවට ලොල්වූ නිසා පුද්ගලයෙකු මරුට

Shiran Viraj

මාලිංගට එංගලන්තයෙන් ලක්ෂ 280 ක ලන්සුවක්

Shiran Viraj

ගැස් සහ භුමිතෙල් නැතිව දර සොයා රක්ෂිතයට ගිය තිදරු පියෙක් ජිවිතක්ෂයට….

Shiran Viraj

Leave a Comment