ඔබ හා හා පුරා කියලා දීර්ඝ ටෙලි නාට්‍යයකින් ප්‍රේක්ෂකයෝ අතරට එනවා?
ඔව්. මම ඒකාංගික ටෙලි නාට්‍ය දෙක තුනකට රංගනයෙන් එකතු වෙලා තියෙනවා. ඒත් දීර්ඝ ටෙලි නාට්‍යයකට එකතු වෙන්න ලැබුණු පළමු අවස්ථාව තමයි සකූගේ කතාව.
සකූගේ කතාවට ඔබට අවස්ථාව ලැබුණේ කොහොමද?
මාලාගේ චරිතයට මාව තෝරා ගැනීම ප්‍රියන්ත කොළඹගේ ගත්ත තනි තීරණයක්. “ප්‍රේමවන්ත කුමාරයෙක්” වේදිකා නාට්‍යයේ මගේ රංගනය දැකලා තමයි මාව තෝරාගෙන තියෙන්නේ. මාලා කියන චරිතය, දුලීකා අක්කා, ජයනි අක්කා වැනි අයගේ ලෙවල් එකේ චරිතයක්. මම හිතනවා ලැබෙන ප්‍රතිචාරත් එක්ක මම ඒ චරිතයට සාධාරණයක් ඉෂ්ට කළා කියලා.
මාලාගේ චරිතය ගොඩනඟන්න ඔබට ලොකු දායකත්වයක් දෙන්න වෙන්න ඇති?
මාලාගේ චරිතය ගැන ප්‍රියන්ත එක්ක මම හුගාක් සාකච්ඡා කළා. එහිදී අපි මාලාටම ආවේණික වුණු ඇවිදින විදියක්, බලන විදියක්, හැසිරෙන විදියක් අපි නිර්මාණය කරගත්තා. මාලාගේ කලර් ටෝන් එක සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ වගේම මගෙ වයසත්, මාලාගේ වයසත් අතරත් ලොකු වෙනසක් තියෙනවා. ඉතින් මේ දෙක නොගැටෙන ලෙස තියා ගන්න මම උත්සාහ කරනවා. මාලා කියන්නේ ගෙදරට වෙලා කකා බිබී රූපවාහිනිය නරඹමින් ඉන්න කාන්තාවක්. එහෙම කෙනෙක්ගේ ඇ¾ග පත තරබාරු වීම සාමාන්‍ය දෙයක්. ඒ ශරිර ස්වභාවයන් පවත්වාගෙන යෑමටත්, රූපයෙන් මට මාලාව සමීප කරගන්නත් වේශ නිරූපණ ශිල්පියාට සැම විටම මමත් දායකත්වයක් සපයනවා.
වේදිකා නාට්‍යවලට වඩා ටෙලි තිරයෙන් ඔබට ප්‍රේක්ෂකයන් එකතු කරගන්න පුළුවන් වෙන්න ඇති?
ඔව්. ගොඩක් අය මාව අඳුරගත්තා. බාහිර සමාජයත් එක්ක ගනුදෙනු කරද්දි ඒ හැඳිනගැනීම, ප්‍රතිචාර මම අත්විඳිනවා. වේදිකා නාට්‍යයත්, ටෙලි නාට්‍යයත් අතර ලොකූ වෙනසක් තියෙනවා. අපි වේදිකා නාට්‍යය ගමින් ගමට ගෙන ගිහින් පෙන්නුවත් ඒවා බලන්න එන්නේ සීමිත පිරිසක්. වේදිකා නාට්‍යයක් බලන්න ලොකූ කැප කිරීමක් කරන්න ඕන. ඒකට වෙලාවක්, මුදලක් වැයවෙනවා. බොහෝදෙනෙක් ඒ කැප කිරීම කරන්න කැමැති නෑ. ඒත් ටෙලි නාට්‍ය අපේ නිවෙසට, අපේ කාමරයට, නිදන ඇඳටම ඇවිත් අපිට සමීප වෙනවා. ඒත් එක්ක ටෙලි නාට්‍යයක් එක්ක එකතුවෙන පිරිස වැඩියි.
වේදිකාවේ ජීවත් වුණු ඔබට පුංචි තිරයට හැඩගැසෙන්න පහසු වුණාද?
මට හුරු වේදිකාව. මම ගොඩනැ¾ගුණේ වේදිකාවෙන්. මට එකවරම කැමරා කාචයට, කැමරාවේ තාක්ෂණික වෙනස්කම්වලට හුරුවෙන්න පුළුවන් වුණේ නෑ. සමහර අවස්ථාවලදී මම හිරවුණා. ඒකට හේතුව වේදිකාවෙදී අපි නිදහසේ හැසිරුණා. ඒත් ඒ නිදහස ටෙලි නාට්‍ය තුළ නෑ.
වේදිකා නාට්‍යවලදී අපි එකම චරිතයක් එක්ක දීර්ඝ කාලයක් ජීවත් වෙනවා. ඒ චරිතයට විවිධ හැඩ, විවිධ වර්ණ, විවිධ ස්වරූප දෙනවා. නමුත් ටෙලි නාට්‍යවලදී චරිතයත් එක්ක එක දිගට ජීවත් වෙන්න ලැබෙන්නේ නෑ. නමුත් මට මෙය තේරුම් අරගෙන හැඩගැහෙන්න පුළුවන් වුණා. ටෙලි නාට්‍ය බලන පිරිස වැඩියි. ඒ නිසා රසිකයන් අතරට ඉක්මනට යන්න පුළුවන්. රසිකයන්ගේ ආදරය මමත් අත්විඳිනවා. මම යම් සාර්ථකත්වයක් මේ චරිතයට කරලා තියෙනවා නම් ඒ සියල්ල වේදිකාවෙන් ලැබූ පන්නරයම තමයි.
මාලාගේ හා සකූගේ ගනුදෙනුව අපි රූපවාහිනියෙන් දකිනවා. ඒත් සහේලි හා හර්ෂිකා අතර ගනුදෙනුව කොහොමද?
අපි දෙන්නා හුඟාක් හොද යාළුවෝ. අපි දෙන්නා තමයි සෙට් එකේ ඉන්න ෆිට්ම දෙන්නා. රඟපාද්දි මොන සෙල්ලම් දැම්මත් අපි දෙන්නට දෙන්නා හරිම ආදරෙයි. සහේලි දුවගෙන ඇවිත් මගේ ඔඩොක්කුවට පනිනවා. එයාටත් හොඳට ඩාන්ස් කරන්න පුළුවන්. ඉතින් අපි දෙන්නා නිදහසේ ඉන්න වෙලාවට පොඩි පොඩි ඩාන්ස් කෑලි දානවා.
මාලාට වඩා හර්ෂිකා ගොඩක් වෙනස්. හර්ෂිකා ගැන කතා කළොත්?
මගේ සැමියා ප්‍රියංකර රත්නායක. කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා ප්‍රතිබිම්බ කලා ඒකකයේ ජේයෂ්ඨ කථිකාචාර්යවරයෙක්. මම දරු දෙන්නෙක්ගෙ මවක්. ලොකු දුව බිනරි, පොඩි දුව කිනරි. මම හිතන විදියට කාන්තාවක් ස්වාධීන වෙන්න ඕන. ඇයට හැකියාවක් තියෙන්න ඕන දෙපයින් හිටගෙන ඉන්න. ඒ වගේම කාන්තාවක් වුණාම හොඳට ඉගෙන ගන්න ඕන. මොනම වෙලාවකවත් තවකකුගේ යැපෙන්නෙක් නොවිය යුතුයි. ඕනෑම ගැහැනියක් තමන්ටම කියලා ස්ථාවරයක් හදා ගන්න ඕන.
ඔබේ වෘත්තීය ජීවිතේ ගැනත් කියමු?
වෘත්තීමය වශයෙන් නිළියක් වෙලා ස්ථාවර වෙන්න තත්ත්වයක් අපේ රටේ නෑ. කලාකාරයන්ට රංගනය පමණක් වෘත්තීය කරගෙන පී්‍රතිමත් ජීවිත ගෙවන්න අපහසුයි. ස්ථාවර වුණු අයත් ඉන්නවා. මම මහර මහාමායා බාලිකාවේ ගුරුවරියක්. ඒ වගේම මම කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරියක් ලෙසත් කටයුතු කරනවා.
පාසලේ වැඩ, විශ්වවිද්‍යාලයේ වැඩ, ගෙදර වැඩ, දරු දෙන්නාගේ වැඩ සමබරව කරගෙන යන්න පහසුද?
පාසලෙන් මට හොඳ සහයක් ලැබෙනවා. විශ්වවිද්‍යාලයේ වැඩ කිසිම ආකාරයකින් මගේ අනෙක් වැඩත් එක්ක ගැටෙන්නේ නෑ. දරු දෙන්නගෙන් ලොකු දුවට අවුරුදු 11යි. පොඩි දුවට අවුරුදු 3 1/2යි. ඒ දෙන්නා මරු. මේ දෙන්නටම අම්මද, තාත්තද,ආච්චිද, සීයද, නැන්දද කියන එක අදාළ නෑ. ඒ අයට ආදරෙන් ඒ අයට විය යුතු දේවල් වෙනවා නම් ඒ අයගේ වැඩ ටික කරගෙන පාඩුවෙ ඉන්නවා. ඒ නිසා මගේ වැඩ කරගන්න පහසුයි.
දරු දෙන්නත් රංගනයට යොමු වෙයිද?
ලොකු දුව බිනරි රංගන කටයුතුවලට එකතු වෙනවා. රාජ්‍ය නාට්‍ය උළෙලේ නාට්‍යයකටත් ඇය එකතු වුණා. චුට්ටා ගැන තවම කියන්න බෑ.
වෙනත් ටෙලි නිර්මාණවලට ආරාධනා ලැබුණද?
තවම නෑ. හොඳ නිර්මාණයක් ලැබුණොත් කරනවා.
ඉදිරි වැඩ කටයුතු මොනවද කියලත් කියමු,
සකුගේ කතාව කරන්න කලින් මම රංගනයෙන් දායක වුණා “හිතුමතේ ජීවිතේ” චිත්‍රපටයට. ඒ චරිතයත් මම හුඟාක් ආදරෙන් කරපු චරිතයක්. ඒ වගේම විශ්වවිද්‍යාලයේ අවසන් වසර සිසුන් එක්ක සන්නි දහ අට ආශ්‍රයෙන් ප්‍රඩක්ෂන් එකක් කරමින් ඉන්නවා.
(උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි)
previous post
next post