Entertainment Entertainment News News

යශාන් ගැන බිරිය කිව්ව දේ

යශාන් ද සිල්වා කියන්නේ නව පරපුරේ ඉන්න දක්‍ෂ කඩවසම් ඒ වගේම ජනප්‍රිය ගායකයෙක්. ඔහුව අපි හඳුනන්නේ ගායක භූමිකාවෙන්නේ. හැබැයි යශාන් ගැන ඊට වඩා වැඩි දෙයක් ඔහුගේ බිරිය දන්නවා. ඒ නිසා යශාන් ගැන කතා කරන්න අපි ඔහුගේ බිරිය කෙන්යාව හදගැස්මේ කතාබහට එකතු කර ගත්තා.

ආදරේ කරන කාලේ යශාන්


යශාන් ඒ කාලේ ඉඳන්ම හරිම අහිංසක හොඳ ගති ගුණ තිබුණ කෙනෙක්. ඒක නිසාම තමයි මම එයාව විවාහ කරගත්තේ.

සැමියා විදිහට ඔහු

පෙම්වතා කාලේ තිබ්බ ආදරේ අඩු වුණේ නෑ. ඊටත් වඩා ආදරේ වැඩි වුණා. හැබැයි ඉස්සරටත් වඩා එයා ඉවසන්න පුරුදු වුණා.

ඇත්තටම මං වැඩිය යාළුවෝ ආශ්‍රය කරන්නේ නෑ. යශාන්ට තමයි මං හැමදේම කියන්නේ. එයා තමයි මගේ හොඳම යාළුවා.

යශාන් වගකීම් සහගත කෙනෙක්ද?

අනිවාර්යෙන්ම. යශාන් හොඳ වගකීම් සහගත කෙනෙක්. මං ගැන වගේම පවුලේ අය ගැනත් හොඳට හොයලා බලනවා.

ගෙදර වැඩවලට දෙන සහයෝගය

සමහර වෙලාවට එයාම හිතලා ඇවිල්ලා ගෙදර වැඩවලට උදවු කරනවා. ඇත්තටම මට වඩා යශාන්ට රසට උයන්නත් පුළුවන්.

යශාන්ට තරහ ගියාම


ඇත්තටම යශාන් හරිම නිවිච්ච චරිතයක්. කේන්ති යනවා අඩුයි. මට තමයි තරහා යන්නේ. කේන්ති ගියපු වෙලාවට නම් යශාන් වැඩි කතාබහක් නෑ. ඒ එයාගේ හැටි.

දුකක් දැනුණම

යශාන් හැමදේම මට කියනවා. දුකක් දැනුණත් ඒ දේවල් මට කියනවා. මාත් එක්ක ඒ දුක බෙදා ගන්නවා.

සතුටක් දැනුණම

සතුටකින් ඉන්නකොට විශේෂයක් නෑ. සාමාන්‍ය විදියටම තමයි ඉන්නේ. අපි විවාහ වුණ දවසේ නම් යශාන් ගොඩක් සතුටු වුණා.

යශාන්ගේ ජීවිතයට ප්‍රශ්නයක් ආවම

ප්‍රශ්නයක් ආවම එයා යාඥා කරනවා. ඒ දේ දෙවියන්ට කියනවා. ඒ වගේම තමයි මාත් එක්කත් ඒ දේවල් කියනවා.

ප්‍රශ්නවලට මුහුණ දෙන විදිහ

යශාන් හරිම ශක්තිමත් කෙනෙක්. හැමදේටම මූණ දෙනවා. මොන දෙයක් වුණත් එයා ඒ දේ මාත් එක්ක බෙදා ගන්නවා.

යශාන්ට නැතුවම බැරි අය

පළවෙනි කෙනා තමයි දෙවියන් වහන්සේ. දෙවැනියට තමයි මම. මොකද කොහේ ගියත් මට නිතරම කෝල් කරනවා.

යශාන් වැඩිපුරම ආදරේ කරන කෙනා

මුල්ම ස්ථානය ලැබෙන්නේ දෙවියන් වහන්සේට. ඊට පස්සේ තමයි මම.

යශාන් ඔබව පුදුම කරපු අවස්ථා

ගොඩාක් වෙලාවට එයා මාව පුදුම කරනවා. විවාහයේදී ගොඩාක් අවස්ථාවලදී යශාන් මාව පුදුම කළා. ඒ වගේම උපන්දිනවලදීත් එයා මාව පුදුම කරලා තියෙනවා.

යශාන් ඕනම දෙයක් ඔබට කියනවද?

ඔව්. මේ තාක් වෙච්ච හැම දෙයක්ම එයා මට කියලා තියෙන්නේ. අවශ්‍ය දේ විතරක් බෙදා ගන්නවා.

යශාන්ට නිවාඩුවක් ලැබුණාම

මගෙන් අහනවා මං කැමැති දේවල් මොනවද කියලා. මං ආස දේවල් තමයි කරන්නේ. මාව කොහේහරි එක්කන් යනවා.

වැඩිපුර යන්න කැමැති තැන්

ගොඩක්ම කැමැති සීතල රටවලට යන්න. බීච් එකට යන්නත් ගොඩක්ම ආසයි.

ගායනයට අමතරව තියෙන දක්‍ෂතා

යශාන් ව්‍යාපාර පැත්තට හරිම දක්‍ෂයි. ඒ වගේම ක්‍රිස්තියානි ඉවෙන්ජලිස්තවරයෙක් විදියට සේවය කරන්නත් දක්‍ෂතාව තියෙනවා.

සංගීතය නොකළොත් මොන ක්‍ෂේත්‍රය තෝර ගනීද?

දෙවියන් වහන්සේට සේවය කරන කෙනෙක් වෙයි. මොකද යශාන් මිනිස්සු ගැන හරියට හිතනවා. දුප්පත් කෙනෙක් දැක්කාම උදවු කරනවා. මිනිස්සුන්ට සේවය කරන්න හරිම කැමැතියි.

යශාන් ක්‍ෂේත්‍රයේ ළඟින්ම ඇසුරු කරන අය

එහෙම එක්කෙනෙක් කියලා නෑ. යශාන් හැමෝමත් එක්කම හොඳින් ඉන්නවා.

යශාන් ජීවිතේ ජයගත් දේවල්

සංගීත ක්‍ෂේත්‍රයේ ඉහළට යන්න ඕන කියලා ලොකු ආසාවක් තිබුණා. ඒ හීනෙට එයා ගියා. මොකද යශාන්ගේ “සිත්තමක් වගේ” ගීතය ඕඕඛ් නිවුස්වලට යන්න තරම් දුර ගියා. ඒ වගේම එයා විවාහ වෙන්න කලින් හිතලා තියෙනවා මේ මේ ගති ගුණ තියෙන කෙනෙක්ව විවාහ කරගන්නවා කියලා. ඒ වගේම ගති ගුණ තියෙන කෙනෙක් තමයි එයාට දැන් ලැබිලා තියෙන්නේ කියලා යශාන් කියනවා.

යශාන් ගැන අපි නොදන්න රහස්

ගොඩක් අය හිතන්නේ යශාන් හරිම ආඩම්බර කෙනෙක් කියලා. හැබැයි එයා එහෙම නෑ. එයාව දන්න අය දන්නවා එයා එහෙම නෑ කියලා. එයා හරිම හොඳ නිහතමානී චරිතයක්.



(උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි)

Related posts

ඉන්ධන නැතිවීමේ බරපතල අවදානමක්..- බලශක්ති ඇමති මාධ්‍ය අමතයි…

Shiran Viraj

ඇදිර නීතිය අස්සේ දෙකෝටියක කේරල ගංජා මුහුදෙන් ගෙනේ..

Shiran Viraj

ශ්‍රී ලංකා රජය හෝ ක්‍රිකට් ආයතනය LPL සඳහා කිසිදු මුදලක් වැය කර නෑ – ඇමති නාමල්

Shiran Viraj

Leave a Comment