Local News News

රථවාහන රියදුරු දඩ මුදල් ඉහලට.

මහ මඟදී අහිංසක ජීවිත අනතුරට ලක් කරන සහ බිලි ගන්නා බරපතල වැරදි කරන රියදුරන්ට එරෙහිව පනවන දඩය බොහෝ සේ ඉහළ දමන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

ඔහු අවධාරණය කළේ දඩ පැනවීමට අමතරව බරපතල වැරදි කරන ‍රියදුරන්ගේ රියදුරු බලත්‍රය අහෝසි කිරීමට ඇවැසි නීති ඉදිරියේදී පැනවීමට කටයුතු කරන බවයි.‍ මේ සියල්ල සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ඉදිරි සති කිහිපයේදී ගන්නා බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අනාවරණය කළේය. ඒ හඳුනානොගත් වාහනවලින් අනතුරට ලක් වූවන් සඳහා වන්දි මුදල් ප්‍රදානය කිරිමේ අවස්ථාවට එක් වෙමිනි.

හඳුනානොගත් වාහනවලින් අනතුරට ලක් වූවන් සඳහා වන්දි මුදල් ප්‍රදානය කිරීම අද (23) පැවැත්වුණේ ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදීය. මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් එය සංවිධානය කෙරිණ. එහිදී හඳුනානොගත් වාහනවලින් මිය ගිය 04 දෙනකු වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වලට රුපියල් ලක්ෂ 02 බැගින්ද බරපතල තුවාල ලැබූවන් දාසය දෙනකුට ලක්ෂය බැගින්ද අද ප්‍රදානය කෙරුණු අතර වන්දි ලැබූ සම්පූර්ණ ගණන විසි දෙනෙකි. පැමිණි පිරිස අමතමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් පැවසුවේ යුද්ධයෙන් මිය සංඛ්‍යාවට වඩා විශාල පිරිසක් අද වන විට වාර්ෂිකව රිය අනතුරුවලින් මිය යන බවයි.

“රියදුරන් හැටියට අපි මීට වඩා පරික්ෂාවෙන් රිය පදවන්න ඕන. එසේ නොමැතිව මහ මඟ ජීවිත බිලි ගනිමින් විනය විරෝධීව රිය පදවන රියදුරන්ට එරෙහිව අපි ඉදිරියේදී දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරනවා. සමහර වෙලාවට මම ගන්නා ඒ තීරණ ජනප්‍රියම නීති නොවෙන්න පුළුවන්. නමුත් ඒ තීරණ කිසිම අවස්ථාවක විනයගරුක රියදුරන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වැඩි කරන දඩ හෝ රියදුරු බලපත්‍රය අහෝසි කිරීම වැනි දේවල්වලින් ප්‍රශ්න ඇති වෙන්නේ විනය විරෝධීව රිය පදවන රියදුරන්ට විතරයි. දැන් බලන්න දියුණු රටවල් කරන වැරදි අනුව මාස හයකට හෝ අවුරුද්දකට ලෙස රියදුරු බලපත්‍රය අහෝසි කරනවා. නමුත් එවැනි ක්‍රමවේදයක් අපේ රටේ නැහැ. මම අපේක්ෂා කරන්නේ ඉදිරි මාස කිහිපය තුළධී එවැනි ක්‍රමවේදයක් අපේ රටටත් හඳුන්වා දෙන්න…”යිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙහිදී කියා සිටියේය.

මෙම අවස්ථාවට මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කොදාගොඩ මහතා ඇතුලු අමාත්‍යාංශයේ නිළධාරින් පිරිසක් සහභාගි වූහ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

දහස් ගණන මැරී වැටේවි.. රට භයානක ඛේදවාචකයක් කරා..- ප‍්‍රකට වෛරසවේදී මහාචාර්ය තිස්ස විතාරන

Shiran Viraj

නිව් ඩයමන්ඞ් නෞකාවේ කපිතාන්වරයා සැකකරුවෙකු ලෙස නම් කරයි

Shiran Viraj

ඖෂධ අධිකාරියේ දත්ත මකා දැමීම සම්බන්ධ සමාගමේ ලොක්කා අත්අඩංගුවේ..

Shiran Viraj