Local News News

කඩු රැගත් කල්ලියක් යාපනයේ ආවා කල්ලි නායකයෙකුගේ නිවසකට පහර දෙති

යාපනය මාණිපායි ප්‍රදේශයේ ආවා කල්ලියේ වර්තමානයේ නායකයෙක් යැයි හදුන්වන පුද්ගලයෙකුගේ නිවසකට කඩු රැගත් පිරිසක් විසින් ඊයේ (24) දින පහරදීමක් සිදු කොට ඇති බව යාපනය මාණිප්පායි පොලීසිය කියා සිටියේය.

මාණිප්පායි ප්‍රදේශයේ ආවා කල්ලියේ නායකයෙකු වූ සන්නා නමැත්තාගේ බවට සැකකෙරෙන නිවසක් වෙත අදාළ පහරදීම සිදුකොට ඇත.

යතුරුපැදි තුනකින් මුහුණු ආවරණය කොටගෙන කඩු ඇතුළු තියුණු ආයුධ රැගෙන පැමිණි පුද්ගලයින් පිරිසක් අදාළ පහරදීම සිදුකොට ඇත.  එහිදී පුද්ගල හානියක් සිදු කොට නැතත් නිවසේ නවතා තිබූ යතුරුපැදි තුනකට කඩු වලින් කොටා හානි කොට පළා ගොස් ඇති බවට පොලීසිය කියා සිටියේය.

අදාළ පහරදීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති වුවද අදාළ පිරිස් කඩු රැගෙන පැමිණෙන අයුරු අසල පිහිටි සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව ඇති අතර ඒ ඔස්සේ පරික්ෂණ අරඹා ඇති බවටද මාණිප්පායි පොලීසිය වැඩිදුරටත් කියා සිටියේය.

(under the courtesy of nethgossip.lk news web)

Related posts

කෑගල්ල අවදානමේ.. දිස්ත‍්‍රික්කයට ඇදිරි නීතිය පනවන්නැයි ඉල්ලයි..

Shiran Viraj

අලුත් වාහන නැතිව ජනතාව අසීරුවේ.. ඩොලර් තියන නිසා වාහන ගේමු..- ආනයනකරුවන්

Shiran Viraj

වසංගත රෝග විද්‍යා ඒකකයේ උපදෙස් නිසා ඉන්දියාව දුන් කොරෝනා එන්නතෙන් කොටසක් අපතේ

Shiran Viraj