News Political

රනිල් අද ආණ්ඩුවක් හදන්න ව්‍යවස්ථාවේ හිල් හොයනවා-අනුර

විධායක ජනාධිපතිධූරය අහෝසි කිරිම උදෙසා ඉදිරිපත් කළ 20වන සංශෝධනය පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීම සඳහා විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂවල සහාය ලබාගැනීමට බලාපොරොත්තු වනබව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

අද(28) පැලවත්ත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නායක අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අනුර කුමාර මහතා මෙසේ පැවසීය.

“20වැනි සංශෝධනය හා 13 වැනි සංශෝධනය අතර කිසිදු බැඳීමක් නැහැ. 13වැනි සංශෝධනයෙන් පළාත් සම්බන්ධව ජනාධිපතිවරයාට ඇති කිසිදු බලතල 20වැනි සංශෝධනය මඟින් සංශෝධනය වෙන්නේ නැහැ. 

ජාතික ආණ්ඩුව සම්බන්ධව සාකච්ඡාව මේ දිනවල දැඩි කතාබහකට ලක්වුණු එකක්. මෛතී්‍රපාල සිරිසේන ජනාධිපතිවරයාගේ කුමන්ත්‍රණය වෙලාවේ ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න පෙනී හිටපු රනිල් වික්‍රමසිංහ අද ජාතික ආණ්ඩුවක් හදන්න ව්‍යවස්ථාවේ හිල් හොයමින් ඉන්නවා. 

රනිල් වික්‍රමසිංහගේ මෙම ජාතික ආණ්ඩු යෝජනාව ඉදිරිපත් වී තිඛෙන්නේ ඇමති ධුර වැඩිකර ගැනීමේ අරමුණින් පමණයි. ඇමති ධුර 18කින් හා රාජ්‍ය ඇමති ධුර 5කින් ඇමති මණ්ඩලය වැඩිකර ගැනීමට මිස වෙන කිසිදු වුවමනාවක් මෙම ජාතික ආණ්ඩු යෝජනාවට නැහැ. 

දැන් රනිල් වික්‍රමසිංහ කරමින් ඉන්නේ කපටි නරියාගේ කි්‍රයාවයි. එනිසා මෙම ජාතික ආණ්ඩු යෝජනාව අපි සහතික ලෙසම පරාජයට පත්කරනවා. එනිසා දැන් එජාපය කළ යුත්තේ එම ජාතික ආණ්ඩු යෝජනාව න්‍යාය පුස්තකයෙන් ඉවත්කර ගැනීමයි. 

ඊ.ටී.අයි.ගනුදෙනුව නිසා තැන්පත්කරුවන් තිස්තුන්දාහක් පමණ අසාධාරණයට ලක්වී සිටිනවා. මෙම ඊටීඅයි ආයතනයේ තැන්පතුකරුවන් වුණේ විශාල ධනපතියන් නෙමෙයි. තමන්ගේ නිවස ඉදිකර ගැනීමට තිබුණු මුදල් තැන්පත් කරපු පුද්ගලයින්, විදෙස්ගත වෙලා උපයාගත්තු මුදල් ටික තැන්පත් කරපු පුද්ගලයින්, තමන්ගේ ඊටීඑෆ් අරමුදල තැන්පත් කරපු පුද්ගලයන් මේ තැන්පත්කරුවන් අතර ඉන්නවා. 

ඔවුන් විශාල අසාධාරණයකට ලක්වෙලා තිඛෙන අතර, ඊටීඅයි ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය මේ වන විට ඕස්ට්‍රේලියාවේ, සිංගප්පූරුවේ, කැනඩාවේ ව්‍යාපාර කටයුතු කරමින් ඉන්නවා. ලංකාවේ මුදල් මේ විදිහට එළියට ගෙනියන්න ඉඩ ලබාදුන්නේ කොහොමද කියලා මහ බැංකුව පැහැදිලි කිරීමක් කළ යුතුයි. 

මේ විදිහට රටේ මුදල් එළියට යාම සම්බන්ධයෙන් මහ බැංකුව වගකිව යුතුයි. ඒ වාගේම එදිරිසිංහලාට අයිති ඇත්ත දේපළ පිළිබඳව විමර්ශනයක් කොට එම දේපොළ මගින් තැන්පත්කරුවන්ට වන්දි ලබාදීමට මහ බැංකුව කටයුතු කළ යුතුයි. 

මේ වන විට ජනාධිපතිවරයාගේ චෝදනාව නීතිපතිවරයාට සහ අධිකරණය පැත්තට යොමු වෙලා තිඛෙනවා. නීතිපති පත්කළේ ජනාධිපතිවරයායි. අග්‍රවිනිශ්චයකාරවරයා පත්කොට තිඛෙන්නේ ජනාධිපතිවරයාගේ යෝජනාවකට අනුවයි. 

පොලිස්පතිවරයා පත් කළේත් ජනාධිපතිවරයාගේ යෝජනාවකට අනුවයි. ව්‍යවස්ථා සභාව කටයුතු කරන්නේ ව්‍යාවස්ථාවට අනුවයි. පසුගිය වසර තුනක කාලය තුළ ව්‍යවස්ථා සභාවේ කටයුතු ප්‍රශ්නයක් නොවුණු මෛත්‍රීට දැන් ව්‍යවස්ථා සභාව ප්‍රශ්නයක් වෙලා තිඛෙන්නේ ඇයි? 

ඇත්ත හේතුව දැන් මෛත්‍රීගේ දේශපාලන කඳවුර වෙනස්වී තිබීමයි. ඒක තමයි ඇත්ත. දැන් ඔහු නියෝජනය කරන්නේ මහින්ද රාජපක්ෂ කඳවුරයි. මහින්ද රාජපක්ෂ කඳවුර පහුගිය කාලයේ අල්ලස් හෝ දූෂණ කොමිෂමට, බරපතළ වංචා-දූෂණ විමර්ශන කොමිෂමට ප්‍රහාර දියත් කළා. 

එනිසා තමයි අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරියට ඉල්ලා අස්වෙන්න සිදුවුණේ. අද ඔවුන්ගේ වංචා-දූෂණ පරීක්ෂණ සම්බන්ධයෙන් ඉදිරියට ක්‍රියාත්මක වෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුව හා අධිකරණය තුළයි.

එනිසා තමයි අද මහින්ද රාජපක්ෂ කණ්ඩායමේ ප්‍රහාරය ඒ දෙසට යොමුවෙලා තිබෙන්නේ. ජනාධිපතිවරයාගේ චෝදනාවද එම කණ්ඩායම නියෝජනය කරන එකක්. 

මෙහි ඇත්ත අරමුණ වී තිබෙන්නේ තමන් නියෝජනය කරන පිලේ දූෂිතයින් ආරක්ෂා කර ගැනීමයි. එමනිසා තමයි ජනාධිපතිවරයා අභියාචනාධිකරණයට සභාපතිවරයෙක් පත්කර ගැනීම සම්බන්ධ කාරණය දඩමීමා කරගෙන ව්‍යවස්ථා සභාවට ප්‍රහාර එල්ල කරන්නේ. 

ජනාධිපතිවරයා විසින් කියනවා නම්, බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න බැරි හොරු ආණ්ඩුවේ ඉන්න නිසා බව මොහොතකට අපි එය විශ්වාස කරමු. 

නමුත් ජනාධිපතිවරයා විසින්ම පත් කළ බරපතළ මූල්‍ය වංචා විමර්ශන කොමිෂමේ චූදිතයින් දැන් ඉන්නේ විපක්ෂයේයි. ඒ අතර මහින්ද රාජපක්ෂ, ගෝඨාභය, බැසිල්, විමල්, ඇතුළු චෝදනා ලැබූවන් තිස් ගණනක් ඉන්නවා. 

ඇයි ඔවුන්ට දඬුවම් දෙන්න බැරි. ජනාධිපතිවරයාට කරගන්න දෙයක් නැති වුණාම එක එක වෙලාවල එක එක කතා කියනවා. හාස්‍යයට කරුණ වන්නේ ජනාධිපති කොමිසමෙන් චෝදනා ලැබූ පුද්ගලයෙකු ජනාධිපතිවරයාගේ පුද්ගලික ලේකම් ලෙස පත්කර ගැනීමයි. 

ඒ විතරක් නොවෙයි ජනාධිපතිවරයා දැව සංස්ථාවේ සභාපතිවරයා ලෙස යෝජනා කළේත් ඔහුගේ කොමිසමෙන් චෝදනාවට පත්වූ දූෂිතයෙක්. දැන් මෛතී්‍රපාල සිරිසේනගේ එකම අරමුණ වී තිඛෙන්නේ ඊළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා වීමයි. ඒ වෙනුවෙන් ඔහු ඕනෑම දෙයක් කරමින් ඉන්නවා.“

(under the courtesy of adaderana.lk news web)

Related posts

ගැස් සහ භුමිතෙල් නැතිව දර සොයා රක්ෂිතයට ගිය තිදරු පියෙක් ජිවිතක්ෂයට….

Shiran Viraj

රනිල්ගේ ආර්ථික දැක්ම විශිෂ්ටයි හෝ මහින්ද විශ‍්‍රාම යා යුතු යයි මා කීවේ නෑ…

Shiran Viraj

ගුවන් ප්‍රහාරයෙන් 20 ක් මරුට

Shiran Viraj

Leave a Comment