Local News News

අයවැය අදයි..මුදල් අමාත්‍යංශයේ පෙර අදහස් දැක්වීම මෙන්න

අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අයවැය යෝජනාවලිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

ව්‍යවසායකත්ව ශ්‍රී ලංකාව, ජනතාවට ශක්තිය හා දුප්පතුන්ට රැකවරණය දෙන
අයවැය – 2019
Budget – 2019 focuses on Enterprise Sri Lanka empowering the people and nurturing the poor

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද (මාර්තු 05) පස්වරුවේ දී පාර්ලිමේන්තුව වෙන ඉදිරිපත් කරනු ලබන මෙම රජයේ පස් වැනි අයවැය මගින් ජනතාව සවිබල ගැන්වීම, දුප්පතුන් පෝෂණය කිරීම (Empowering the people, nurturing the poor) ප්‍රධාන කොටගෙන සියලු ජනතාවගේ මූලික අධ්‍යාපන, සෞඛ්‍ය සහ ජිවනෝපාය අවශ්‍යතාවන් ඉටු කිරීම අරමුණ වේ.

අද ඉදිරිපත් කරනු ලබන මෙම අයවැය මගින් ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා (Enterprise Sri Lanka) වැඩසටහන යටතේ ව්‍යාපාර හා මානව සම්පත් සවිබල ගැන්වීම තව දුරටත් පුළුල් කිරීමට අවශ්‍ය වැඩ පිළිවෙළ දියත් කරනු ඇත. දුප්පතුන් පෝෂණය කිරීමේ වැඩපිළි‍වෙළ තව දුරටත් නංවාලමින් සැමට අවශ්‍ය මූලික පහසුකම් සපුරාලීම මෙම අයවැය යෝජනාවලට ඇතුළුත් කර තිබේ.

2019 අයවැයේ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4550 ක් වන අතර රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2400 ක් වනු ඇතැයි ගණන් බලා තිබේ. ඒ අනුව මෙවර අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් (ද.දේ.නි.) 4.5%ක් පමණ වේ.

අයවැය පරතරය 2020 වන විට ද.දේ.නි.යෙන් 3.5% ප්‍රතිශතයක් ලෙස අඩු කර ගැනීම ඉලක්ක කරගෙන කටයුතු කරන මෙම රජය 2015 වසරේ සිට ම ක්‍රම ක්‍රමයෙන් එම ඉලක්කය පසුරා ගනිමින් පවතී. 2015 වසරේ දී 7.6%ක් වූ අයවැය පරතරය 2018 වසරේ දී 5.3% දක්වා අඩු කරන ලදී. 2019 වසරේ දී 4.4% දක්වා තව දුරටත් අඩු කිරීමට කටයුතු කර ඇති අතර ඒ අනුව 2020 දී අයවැය පරතරය අපේක්ෂිත පරිදි දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.5%ක ප්‍රතිශතයකට ළගා කර ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරයි.

තව ද දශක පහක පමණ කාලයකට පසුව අයවැයේ ප්‍රාථමික ශේෂයේ (Primary Balance) ප්‍රථම වරට 2018 වසරේ දී අතිරික්තයක් පැවැති අතර එය 2019 වසරේ දී තව දුරටත් වර්ධනය කර ගැනීමට අපේක්ෂා කෙරේ. ප්‍රාථමික ශේෂයේ වැඩි වීම හේතුවෙන් රාජ්‍ය ආදායමෙන් ණය සේවා කරණය කිරීමට හැකි තත්ත්වයක් උදා වී බැවින් ණය ගැනීමේ සීමාව ද සාපේක්ෂව අඩු වනු ඇත. ඒ අනුව 2019 වසරේ දී ණය සේවාකරණය සඳහා වෙන් කර ඇති රුපියල් බිලියන 2200 ට සාපේක්ෂව ණය ලබා ගැනීමේ ප්‍රමාණය රුපියල් බිලියන 2079 දක්වා අඩු වනු ඇතැයි අපේක්ෂා කරයි.

අයවැය දෙවැනි වර කියවීමේ විවාදය මාර්තු මස 06 වැනි දින සිට 12 දින දක්වා පැවැත්වෙන අතර එදින සවස්වරුවේ දී දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය. අයවැය තෙවැනි වර කියවීමේ කමිටු විවාදය මාර්තු මස 13 වැනිදා සිට අප්‍රේල් මස 05 දා දක්වා පැවැත්වීමෙන් අනතුරුව අප්‍රේල් මස 05 වැනි දා සවස් භාගයේ දී අයවැය සඳහා වන අවසන් ඡන්ද විමසීම සිදු කරනු ලැබේ.

එම්. අලි හසන්,
ප්‍රවෘත්ත අධ්‍යක්ෂ,
මුදල් අමාත්‍යාංශය 
(under the courtesy of lankacnews.com news web)

Related posts

ප‍්‍රදේශ රැසක විදුලිය බිද වැටේ.. බලාගාරවලට ඉන්ධන නෑ..

Shiran Viraj

ලෝකයේ ගෑස් මිල ඉහළයි.. ඩොලරය ඉහල ගිහින්..- මෙරට ගෑස් මිල ගැන ප‍්‍රකාශයක්..

Shiran Viraj

දඹුල්ලේ සියළු පාසැල් වසා දැමේ..

Shiran Viraj

Leave a Comment