News Political

ලක්ෂ 30ක මෙරට උගත් ජනතාව වර්තමානයේ ජීවත් වෙන්නේ විදේශ රටවල

බඩවල් කෝටි දෙකකට නොව මොළවල් කෝටි දෙකකට කතා කළ හැකි ක‍්‍රමවේදයක් අනාගතයේ  මෙරට ගොඩනැගිය යුතු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, දියුණුව, නවීකරණය, සංවර්ධනය සහ නවෝත්පාදනය තුළින් අනාගතය වෙනුවෙන් රට ගොඩනගන්නට ‘රටට හෙටක්, තිරසර මගක් – හම්බන්තොට අපේ හෙට දවස’ මැයෙන් තංගල්ල ප්‍රදේශයේ සංවිධානය කර තිබූ උත්සව අවස්ථාවකට සහභාගී වෙමිනි.

ලක්ෂ 30ක මෙරට ජනතාව වර්තමානයේ විදේශ රටවල ජිවත්වන බවත් අමාත්‍යවරයා පවසයි.

ඉවත්මේ වන විට රට තුල හොඳ උගත් ශ‍්‍රම බලකායක්, සෞඛ්‍ය සම්පන්න ජනතාවක් සිටින බවත් ශ්‍රී ලංකාවේ මනුෂ්‍යයෙක් අවුරුදු 80 ක් ජීවත් වෙන බවත් ඇමරිකා එක්සත් ජනපදයෙත් මිනිස්සුන් ජීවත්වන්නේ අවුරුදු 80ක් බවත් අමාත්‍යවරයා පවසයි.

ළදරු මරණ අනුපාතය ගත්තත්, මාතෘ මරණ අනුපාතය ගත්තත් ඒ සියල්ල අන්තර් ජාතික මට්ටමේ සිටින බවත් අධ්‍යාපනය මට්ටමින් ඉතාම හොඳ තත්ත්වයක සිටින බවත් අමාත්‍යවරයා පවසයි.

 ඒ දරුවන්ගේ නවෝත්පාදන  දැනුම කෙසේද පාවිච්චි කරන්නේ කියන එක මත අපට ඉදිරි ගමනක් තිබෙන බවත් එම පිරිස රටේ අනාගත දියුණුවට අභියෝගාත්මකව යොදා ගැනීම ගැන සිතිය යුතු බවත් අමාත්‍යවරයා එහිදි පැවසීය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, 

(“දැන් කොළඹ ඇරුණහම වැඩිම සිංහල ජනතාවක් ජීවත් වන්නේ ගාල්ලෙවත්, මාතරවත් මහනුවරවත් නෙමෙයි මෙල්බර්න් නගරේ. 

 යාපනය ඇරුණහම වැඩිම දෙමළ ජනතාවක් ජීවත්වන්නේ ත්‍රිකුණාමලය, මඩකලපුවේ නෙමෙයි කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ.

 මොකද යම් යම් හේතු නිසා අපේ මිනිසුන් යනවා එය ප‍්‍රවණතාවයක් වී තිබෙනවා. ලක්ෂ 30 ක් අපේ ජනතාව අද විදේශ රටවල සේවය කරනවා හෝ ජීවත් වෙනවා.

 මේ පිරිසෙන් විශාල පිරිසක් මේ අපේ ගම්වල මධ්‍ය විද්‍යාල ආදියෙන් බිහිවෙලා හොඳ දැනුම් මට්ටමක් සහිතව ගිය අය.

ඒ නිසා අපේ විශ්ව විද්‍යාලවල අත්දැකීම්වලින් අපට කියන්න පුළුවන්,අපි මෙය වෙනස් කළ යුතුයි. ඒ නිසා අපි මේ සබුද්ධික ජනතාව ඉදිරියට ගෙනයා යුතුයි. 

ඒනිසා බඩවල් කෝටි දෙකකට නෙමෙයි මොළවල් කෝටි දෙකකට කතා කරන ක‍්‍රමවේදයක් අපේ රටේ අනාගතයේ ගොඩනැගීමට කටයුතු කළ යුතුයි.”) යැයි පැවසීය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

අලුත්ම Samsung Galaxy S10 දුරකථනය ලොවටම හඳුන්වා දුන් කතාව සිදු කළේ ලාංකාවේ තරුණියක් – විස්තරේ මෙන්න

Shiran Viraj

රනිල් මල්ලී වෙනුවෙන් ශාන් අයියා TNL හරහා රනිල් විරෝධීන් විනාශ කරයි – පළමු බිල්ල සජිත්, දෙවැනි බිල්ල හරීන්!

Shiran Viraj

සහල් මිල දී ගැනීමේදි ප්‍රවේසම් වන්න

Shiran Viraj

Leave a Comment