International News News

වර්සයිල් නගරයේ ප්‍රබල ගින්නක්

ප්‍රංශයේ වර්සයිල් නගරයේ ප්‍රබල ගින්නක් ඇති වී ඇත.

පැරිස් අගනුවරට සමීප උප නගරයක් වන වර්සයිල්හි හටගත් ප්‍රබල ගින්නක් නිවා දැමීමට බලධාරීන් දැඩි වෙහෙසක් දරමින් සිටින බව වාර්තා වෙයි.

ගොඩනැගිල්ලක් සමීපයේ හටගෙන ඇති ගින්න හේතුවෙන් ප්‍රබල දුමාරයක් නැගී විත් ඇති ආකාරය ප්‍රංශ වැසියන්ගේ කැමරාවල පටිගතව තිබුණි.

යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස සැලකෙන වර්සයිල් මන්දිරය පිහිටා ඇත්තේ ද මේ නගරයේයි.

ගින්න හේතුවෙන් අදාළ ප්‍රෙද්ශයෙන් ඉවත්වන ලෙසත්, විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් රජය ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

යුනෙස්කෝ ලෝක උරුමයක් මෙන්ම ප්‍රංශ කතෝලිකයන්ගේ මුදුන් මල්කඩක් බවට සැලකුණු නෝත්‍රදාම් ආසන දේව්මැදුර ගින්නකට හසුවූයේ පසුගිය 15 වැනිදාය.

ඉන් දේවස්ථානයේ දැවමය වහලයට සහ කොතට දැඩි සේ හානි සිදුවුණි.

Related posts

සඳුදා සිට පාරේ යන්න දෙන්නේ හැඳුනුම්පතේ අවසන් ඉල්ලකම අනුවයි – දිනයට අදාළ අංක මෙන්න

Shiran Viraj

මීටර් 100 සහය දිවීමෙන් ශ්‍රී ලංකා ක්‍රිඩක ක්‍රිඩිකාවෝ සාග් පිටියේ ජය කෙහෙළි නංවති

Shiran Viraj

මහින්දට 75යි.. ජන්ම දිනය අදයි..

Shiran Viraj