Entertainment Entertainment News News

මම ළඟදීම විදෙස්ගත වෙනවා රංගන ශිල්පිනී හර්ෂී අන්ජු­මාලා

ටෙලි නාට්‍යයේ ගයනි හිටි හැටියේම වෙනස් වෙලා. දඟකාර කෙළිලොල් ගයනි එකපාරටම තැන්පත් චරිතයක් වුණේ ඇයි කියා ප්‍රේක්ෂකයන් විමසනවා. ඒ ගැන අහන්නටත්, ගයනිගෙ අලුත් තොරතුරු දැන ගන්නත් අපි හර්ෂි අන්ජුමාලාට කතා කළා. හර්ෂි ‘හිත පිරෙන හීන‘ විශේෂාංගයට කීවේ මෙවැනි කතාවක්…

# ගයනි කියන්නද? හර්ෂි කියන්නද?

හර්ෂි කියන්න. ගයනි කියන්නෙ මම රඟපාන චරිතයක්නේ.
# ගයනි හිටි හැටියේම වෙනස්වුණේ ඇයි ?

මගතොටේදිත් හමුවන අය අහනවා. මොකද ගයනි වෙනස් කියලා. රංගගේ ආදරයත්, නැටුම් ගුරුවරියක වීමත් තමයි වෙනසට හේතුව. කොහොමත් ගැහැනු ළමයි තරුණ වයසට එනවිට හැසිරීමෙන්, කතාවෙන් වෙනස් වෙනවනේ. ගයනිත් එහෙම තමයි.

# හර්ෂිත්, ගයනි වගේද?

ගයනි නරතන ගුරුවරියක්. හර්ෂිත් පුංචි කාලෙ ඉඳන්ම නර්තනය හදාරනවා. චරිත දෙක ටිකක් සමානයි.

# ඒ කියන්නෙ හර්ෂි ඇත්තටම නැටුම් ගුරුවරියක්…

නැහැ. මම කැලණිය විශ්වවිද්‍යාලයේ තුන්වැනි වසරේ ඉගෙනුම ලබනවා. සිනමා හා රූපවාහිනී අධ්‍යාපනය තමයි උපාධියට හදාරන්නේ.

# නර්තනය හැදෑරීමෙන් ඔබට ලැබුණු දේවල් මොනවාද?

2008 දෙරණ ලිට්ල්ස්ටාර් තරගාවලි­‌ෙය් වයස 12න් පහළ ජනප්‍රියම නර්තන ශිල්පිණිය වුණා. රඟපාන්න අවස්ථාව ලැබෙන්නෙත් නටන්න ආපු නිසයි.

# දැනටත් නර්තනය හදාරනවාද?

ඔව්. භාරත නාට්‍යයම් විශාරද සඳහා ඉගෙන ගන්නවා.

# හර්ෂි පුංචි කාලයේ සිටම රඟපානවා කියන්නේ ඇත්තක්ද?

මොන්ටිසෝරි යන වයසෙ ඉඳන්ම නැටුම් ඉගෙන ගන්න පන්ති ගියා. මගේ අම්ම කියනව මම පුංචිකාලෙ කණ්ණාඩිය ඉස්සරහට ගිහින් නටනවලු.

# හර්ෂිගෙ ගම් පළාත කොහෙද?

රත්නපු­‍රේ. නිවිතිගල. රත්නපුර සුමනා බාලිකා විදුහලට තමයි පාසල් ගියේ.

# නිළියක වීම විශ්වවිද්‍යාල අධ්‍යාපනයට බාධාවක්ද?

නැහැ. අධ්‍යාපනයයි, රංගනයයි දෙකම හොඳින්ම කරගෙන යනවා. පුංචි කාලයේ රඟපාන්න අවස්ථාව ලැබුණත් ඉගෙනීමට බාධාවක් වන නිසා රඟපෑවෙ නෑ. කැම්පස් ගියාට පස්සෙයි රඟපාන්න ගත්තෙ.

# මොනවද මේ දක්වා දායක වූ නිර්මාණ?

රංගනයට ඇවිත් තවම අවුරුදු දෙකහමාරයි. මේ වනතුරු ටෙලි නාට්‍ය අටක රඟපා තියෙනවා. වෙළෙඳ දැන්වීම් හා ටෙලි නාට්‍යවලත් රඟපානවා. ඊට අමතරව බ්‍රයිඩ්ල් ඩ්‍රේසින් ෆොටෝ ෂූට් කරනවා.

# හර්ෂි පෙම්වතියක්ද?

යෝජනා නම් එනවා. ඒත් තවදුරටත් ඉගෙන ගන්න අවශ්‍ය නිසා ආදරයක් ගැන දැන්ම හිතන්නෙ නෑ.

# ඔහු කලාවේ කෙනෙක් වෙයිද?

මොන ක්ෂේත්‍රයක වුණත් ඔහු මට වඩා උගත්, දක්ෂයෙක් විය යුතුයි.

# වෘත්තීය රංගන ශිල්පිනියක වීමටද බලාපොරොත්තුව?

දිගටම රංගන ශිල්පිනියක විදිහට වැඩකරන්න පුළුවන් නම් මම කැමැතියි. රංගනය කියන්නෙ අපේ දක්ෂතාවට තියෙන හොඳම තැනක්. අපිට මිලක් තියෙනවා. වෙනත් වෘත්තීන්වල එහෙම නෑ. අපි දැනගන්න ඕනෑ කොහොමද ක්ෂේත්‍රයේ ඉන්න ඕනෑ කියලා. පුංචි කාලෙ ටීවීඑකෙන් දැකපු ප්‍රවීණ කලාකරුවන් සමග එකට වැඩකරන්න ලැබෙන එකම ලොකු වාසනාවක්. එහෙත් මම උගත් දෙයින් වැඩක් කරන්න ඕනෑ.

නිසා විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිම කර තවදුරටත් ඉගෙනගන්න විදෙස්ගත වෙනවා. ඒ සඳහා දැනටමත් ජපන් භාෂාව හදාරනවා.

# පවුලේ සාමාජිකයන් ගැන පැවසුවොත්…

අම්මා, තාත්තා සහ අක්කලා දෙන්නා. තාත්තා ව්‍යාපාරිකයෙක්. ලොකු අක්ක විදෙස්ගතව ඉන්නවා. පොඩි අක්කා විවාහකයි.

# ඔබේ ගමනට අත දුන් පිරිස කවුරුද?

පළමුවෙන්ම මගේ අම්මා සහ තාත්තා. තාත්තා අවසර නොදුන්නා නම් මට කවදාවත් කලාවට එන්න ලැබෙන්නෙ නෑ. ඔහු තමයි අම්මව මගේ තනියට කොළඹට එවලා මගේ අධ්‍යාපනයයි, රංගනයයි දෙකම හොඳින් කරගෙන යෑමට ගරුහරුකම් දෙන්නේ. දෙරණ නාලිකාව වගේම මාධ්‍ය මිතුරන්වත්, මාව මේ දක්වා නිර්මාණවලට සම්බන්ධ කරගත් අධ්‍යක්ෂවරුන් හා කලාකරුවන්වත් සිහිපත් කරනවා. 

( උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි )

Related posts

වැලිකඩ සිරදඩුවම් විඳ නිදහස ලැබූ 62ක් ගැන විශේෂ අවධානය

Shiran Viraj

අර්බුදයට මුහුණ දීම සඳහා රාජ්‍ය සේවයේ කෙටිකාලීන හා දීර්ඝකාලීන ප්‍රතිපත්ති රැසක්…

Shiran Viraj

ජාතික ක‍්‍රීඩා සභාවේ සභාපති මහේල ක‍්‍රීඩා පනත ගැන වැඩි අවධානයකින්

Shiran Viraj

Leave a Comment