News Political

මං ජනාධිපතිකමෙන් ඉල්ලා අස්වෙන්නේ නෑ..අස්වෙන්න කියා ජනතාව කියන්නේ නෑ..2001දී ඇමරිකා ජනාධිපති අස්වුනෙත් නෑ

පාස්කු ඉරිදා දිනයේ මෙරට ස්ථාන කිහිපයක සිදු වූ බෝම්බ ප්‍රහාර මාලාව හේතුවෙන් තමන් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට කිසිම සූදානමක් නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ ‘ස්කයි නිවුස්’ වෙත අදහස් පල කරමිනි.

2001 ඇමෙරිකාවේ සිදු වු ප්‍රහාර හේතුවෙන් එවකට ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව. බුෂ් ධුරයෙන් ඉවත් වූයේ නැති බවත් ඔහු කලේ ඇමෙරිකාවේ ආරක්ෂාව තර කිරීම බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

තමන්ද සිදු කරන්නේ 2001දී ඇමරිකානු ජනාධිපති කල ආකාරයට රටේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කිරීම බවත් ඔහු කියා සිටී.

එමෙන්ම තමනට ඉල්ලා අස්වන්නැයි රටේ ජනතාව ඉල්ලා නැති බවත් ඔහු වැඩි දුරටත් සදහන් කර ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ජනාධිපතිට සහාය පළ කරන සම්මන්ත්‍රණයක් පොහොට්ටු මන්ත්‍රීන් රැසක් ප්‍රතික්ෂේප කරලා..

Shiran Viraj

විධායක ජනාධිපති ක්‍රමය අහෝසියි..පාර්ලිමේන්තුවට වැඩි බලතල නව ව්‍යවස්ථාවක්

Shiran Viraj

තිලංගගේ ක්‍රිකට් පාවාදීමේ චෝදනා වලට අර්ජුන සහ අරවින්ද උත්තර දෙයි.

Shiran Viraj

Leave a Comment