Local News News

‘‘රාවණා 01’’ කක්ෂගත කිරීම අද

ශ‍්‍රී ලංකාවේ පර්යේෂණ ඉංජිරුනේරුවන් දෙදෙනෙකු විසින් නිපද වූ ‘‘රාවණා 01’’ චන්ද්‍රිකාව අද (17) කක්ෂ ගත කෙරෙනවා. මේ වනවිට එම චන්ද්‍රිකාව රඳවා ඇත්තේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේයි.

ඒ අනුව එම චන්ද්‍රිකාව අද පෘථිවියට කිලෝමීටර් 400ක් දුරින් පිහිටි කක්ෂයට මුදා හරිනු ඇති.

ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉංජිනේරු තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා යන ශ‍්‍රී ලාංකික පර්යේෂණ ඉංජිරුනේරුවන් දෙදෙනා මෙම චන්ද්‍රිකාව නිර්මාණය කළේ ජපානයේ ද සහය ඇතිවයි.

අදාළ චන්ද්‍රිකාව ඉකුත් අපේ‍්‍රල් 18 වැනිදා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණා. ඒ, අමෙරිකාවේ වර්ජිනියා ප‍්‍රාන්තයේදීයී. ‘‘ඇන්ටරේස්’’ නම් වූ රොකට්ටුව ආධාරයෙන් මෙම චන්ද්‍රිකාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණේ නාසා ආයතනයේ ද මැදිහත්වීමෙන්.  

කිලෝග‍්‍රෑම් 1.05 බරැති ‘‘රාවණා 01’’ නමැති මෙම චන්ද්‍රිකාවේ ආයු කාලය වසර එකහමාරක්. 

(under the courtesy of nethnews.lk news web)

Related posts

සජිත්ගේ ඉංග‍්‍රිසි පණිවුඩය රටත් හිනස්සා ලෝකයත් හිනස්සයි.. මහ රැජිනට හෝ ට‍්‍රම්ප්ට තේරුම් ගන්න බෑ.. උසුලු විසිලුවලින් සමාජ ජාලා පිරේ..

Shiran Viraj

විරෝධතාවකට තහනම් නියෝගයක්..

Shiran Viraj

කොරෝනා අවදානම මැද පිලිපීනයට 03වැනි කාණ්ඩයේ සුළි කුණාටුවක්

Shiran Viraj