Local News News

සමාජ ජාලයන්හි අදහස් පල කරන්නන් ‘සයිබර් ආරක්ෂණ පනත’ මගින් Blackmail කරයි..

ශ්‍රී ලංකා පරිවර්තන සමූහය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

‘සයිබර් ආරක්ෂණ පනතට’ සමගාමීව ශ්‍රී ලංකා පරිවර්තන සමූහය වන අප වියෂභාර ඇමති අජිත් පි.පෙරේරාගෙන් ‘දත්ත ආරක්ෂණ පනතක්’ ගෙන එන ලෙස ලිඛිතව ඉල්ලා සිටි අතර එහි ප්‍රතිපලයක් වශයෙන් ‘දත්ත ආරක්ෂණ අධිකාරියක්’ පිහිටුවීමට පනත් කෙටුම්පතක් ඉදිරිපත් කොට ඇති අතර එහෙත් මෙම පනත් සැකසීමේදී ඔවුන් දිගින් දිගටම සිදුකරනු ලබන අඩුලුහුඩුකම් හිතාමතා සිදුකරන ඒවා බවට අනාවරණය වී ඇත.

කෙසේ නමුත් පිහිටුවීමට යන මෙම දත්ත ආරක්ෂණ අධිකාරියෙහි පත්වීම් සියල්ලම පාහේ සිදුවන්නේ විෂයභාර අමාත්‍යවරයා හරහා නිසා මෙම දත්ත ආරක්ෂණ අධිකාරිය යටතේ පවතින සියලුම දත්ත ඍජුව හෝ වක්‍රව දේශපාලනික කටයුතු වලට යොදාගැනීමේ වැඩි ප්‍රවනතාවයක් ඇත.

‘සයිබර් ආරක්ෂණ පනත’ මගින් බිහිවන දේශපාලනීකරණයට ලක්වූ ආයතනය ‘දත්ත ආරක්ෂණ පනත’ මගින් බිහිවන දේශපාලනීකරණයට ලක්වූ අධිකාරිය මගින් සමාජ මාධ්‍ය වල අදහස් දැක්වීම් පාළනය කිරීමට මෙන්ම අන්තර්ජාලය තුල නිදහස් මත දරන්නන්ගේ පෞද්ගලික දත්ත අවභාවිතා කරමින් blackmail කටයුතු සදහා යොදාගැනීමට දේශපාලන බලාධිකාරයකට කිසිසේත්ම බලය ලබානොදිය යුතු අතර මෙවැනි සංකීර්ණ අනපනත් සම්පාදනයේදී කල්වේලා ලබාගෙන කටයුතු කිරීමට අදාළ අමාත්‍යංශ කටයුතු කලයුතුය.

එසේ කල්වේලා ලබාගෙන මෙම පනත් සම්පාදනය නොකිරීම යට මෙම පනත් හරහා සමාජ මාධ්‍ය පාලනයට,අන්තර්ජාලයේ නිදහස් ප්‍රකාශන අයිතිය නැතිකිරීම වැනි ඔවුන්ගේ කූට සැලසුම් ක්‍රියාත්මක වේදැයි යන සැකය විද්වත් ප්‍රජාව තුල හටගන්නා අතර ‘දත්ත ආරක්ෂණ පනත’ සදහා මහජන අදහස් ලබාගැනීමට දී ඇති කාලය සති දෙකකටත් අඩු කාලයක් බැවින් හා මෙහි සිංහල සහ දමිළ භාෂාමය පිටපත් මහජනයා වෙත ඩිජිටල් යටිතලපහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය ඉක්මනින් මුදාහැරීමෙන් වැලකි සිටීමෙන් හෙළිවන්නේ මෙම පනත් වල යටිකුට්ටු ක්‍රියාවන් සැකෙවින් ඇති බවය.ලිඛිත ඉල්ලීමක් ලෙස අප සමූහය හා වෙනත් තාක්ෂණික සමුහ කිහිපයක් මගින් මෙම පනත්වල සිංහල හා දමිළ භාෂාමය පිටපත් මහජන අදහස් ලබාගැනීම උදෙසා මහජනයා වෙත නිකුත් කරනා ලෙස විෂයභාර අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියත් මේ වනතෙක් අප වෙත එම පනත්වල සිංහල හා දමිළ භාෂාමය පිටපත් ලැබීමට ඉඩසලස්වා නොමැති බව ශ්‍රී ලංකා පරිවර්තන සමූහය ලෙස ඉතා වගකීමෙන් ජනපතිවරයාට,අග්‍රාමාත්‍ය වරයාට,කතානායක වරයාට, විපක්‍ෂ නායක වරයාට මෙන්ම සියලුම ජනමාධ්‍ය වෙත දැනුම් දෙමු.
(under the courtesy of lankacnews.com news web)

Related posts

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ කොවිඩ් ආසාදිතයින් 313ක් : ගොතටුවෙන් පමණක් 74ක්

Shiran Viraj

රතු ලයිට් මැද දුම්රිය පාරට දැමූ කාර් රථය කුඩු පට්ටම්.. දෙදෙනෙක් එතනම මරුට…

Shiran Viraj

පාර්ලිමේන්තුව විසුරුවන්නේ යයි කොටස් වෙලදපල දැවැන්ත කඩා වැටීමක…

Shiran Viraj

Leave a Comment