Entertainment Entertainment News News

ගොවි තාත්තා ම‍ගේ පළමු චිත්‍රපටයයි රජරටින් රංගන ක්ෂේත්‍රයට ආ නදීෂා රංගනී

ඇගේ නමට වඩා ප්‍රේක්ෂකයන් තාමත් ඇයව ආමන්ත්‍රණය කරන්නේ පහන්දි ලෙසටයි. මීට ටික කලකට පෙර ස්වාධින රූපවාහිනි සේවයේ විකාශය වුණු “අපේක්ෂා“ ටෙලි නාට්‍යයේ ඇය පණ පෙනූ ඒ චරිතය තරමට ලොකු කුඩා කාගෙත් හදවත්වල ඇය ලැගුම් ගත්තා. කලක් පුංචි තිරයේ අහිංසකාවිය වුණු නදීශා පසුගිය දිනක රසඳුනට ගොඩවැදුණා. ඒ ඇය ගැන අලුත් ආරංචියක් අපට කියන්නටයි.

ඔබ තාමත් ගොඩක් දෙනෙකු හඳුනන්නේ පහන්දි කියලා නේද?

ඇත්තටම ම‍ගේ සැබෑ නමට වඩා තාමත් මට ගොඩක් දෙනෙක් ආමන්ත්‍රණය කරන්නෙ ‘පහන්දි’ කියලයි. ඒ තරමට ඒ චරිතයට ගොඩක් දෙනා ආදරය කළා. මම හිතන්නෙ ක්ෂේත්‍රයේ මෙතෙක් දුර ගමනක් ඒමට වාසනාව ගෙනාවේ ‘පහන්දි’ කියලයි.

එතකොට ඔබේ සැබෑ නම

නදීෂා රංගනී දයාරත්න

නදීෂා රජරට පුරවරයෙන් ක්ෂේත්‍රයට බිහිවුණ තාරකාවක්?

ඔව්, මගේ ගම පොලොන්නරුව. යුදගනාව කනිෂ්ඨ විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපනය ලැබුවේ දිවුලන්කඩවල මහා විද්‍යාලයෙන්. පසුව සංගීත අංශයෙන් සෞන්දර්ය විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණා. එහිදී ක්ලැසිකල් සහ ෆ්ලැමින්කෝ ගිටාර් පිළිබඳ හැදැරීම් කළා.

ඔබ රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නෙ කොහොමද?

මම උසස්පෙළ කරලා වැඩිදුර සංගීතය හදාරන්නට දර්ශන රුවන් දිසානායකයන් ළඟට ගියා. එහිදී ඔහු සංගීතවත් කළ අමරසිරි පීරිස් ගායනා කළ ‘අතින්වත් අත ඇල්ලුවේ නෑ‘ ගීතයේ රූප රචනා සඳහා මාව සම්බන්ධ කරගන්නවා.එදිනම මට කැමරා ශිල්පී නිශාන්ත ප්‍රදීප් සහ ප්‍රවීණ රංගන ශිල්පී දිමුතු චින්තක යන දෙදෙනා මුණ ගැසෙනවා.දර්ශන සර් හරහා ඔවුන් මාව රංගන ක්ෂේත්‍රයට හඳුන්වා දෙනවා්‍.

අපේක්ෂා ඔබේ පළමු නිර්මාණයද?

නැහැ, එයට පෙර’ පුරකලනි’ කියලා ටෙලි නාට්‍යකට මම රංගනයෙන් දායක වුණා. ලිලන්ත කුමාර අධ්‍යක්ෂනය කළ ‘අපේක්ෂා ‘කියන්නෙ මගේ දෙවැනි නිර්මාණය.ඒත් පුරකලනිට කලින් ‘අපේක්ෂා‘ විකාශනය වුණා.ඒ නිසා ‘අපේක්ෂා‘ කියන්නේ පළමු නිර්මාණය. ඉන් පසුව කෝරළේ මහත්තයා, පිනිමුතු වැස්ස, රිදී පහන් , තවදුරයි ජීවිතේ, හිරු දරුවෝ, රිදී පහන් වැනි ටෙලි නාට්‍ය කිහිපයකටම රංගන දායක්තවය ලබා දුන්නා.

සිනමා නිර්මාණවලට දායක වන්නට කැමැත්තක් නැතිද?

මෑතකදී දර්ශන රුවන් සර් අධ්‍යක්ෂණය කළ ‘ගොවි තාත්තා‘ කියන සිනමා පටයේ චරිතයකට රංගනයෙන් දායක වුණා. මම හිතන්නේ ඒක විශේෂයි. මොකද සංගීත අධ්‍යක්ෂකවරයෙකු සිනමා නිර්මාණයක් කළ පළමු අවස්ථාව මෙයයි.

සංගීතය පැත්තෙන් නදීශා අලුත් දෙයක් කරන්නට සුදානම් වෙනවා කියලා ආරංචි..

මම ඉගෙන ගත්තේ සංගිතය විෂය. ඒ පැත්තෙන් යමක් කරන්නට නොහැකි වුණු නිසා සංගීතය පැත්තෙන් යමක් කරන්නට හිතුවා. ඒ අනුව තමයි ‘මා නිසා හිතුණ කාරණා‘ කියලා මගෙ අලුත්ම ගීතයක් නිර්මාණය කරමින් ඉන්නෙ.මම හිතනවා ඒක ලස්සන සින්දුවක් වේවි කියලා. එයට රූප රචනාවක්ද සූදානම් කරමින් ඉන්නෙ. වේග රිද්මෙට යන හැපී මූඩ් ගිතයක්. නුදුරේදීම මගේ ආදරණිය ප්‍රේක්ෂකයන්ට එය රසවිඳින්නට හැකියාව ලැබේවි. මෙය මා ගායනා කළ වෙනස්ම විදිහේ ගීතයක්.

නදීෂා වගේ අහිංසකාවකට ඒ වගේ ගීතයක් සැර වැඩියි කියලා සමහරු කියන්න පුළුවන්.

ඔව් රංගන ක්ෂේත්‍රයේ මම ප්‍රසිද්ධ වුණේ අහිංසකාවියක් විදියට. සැබෑ ජිවීතයේදීත් ගොඩක් අය කියන්නෙ මම අහිංසක චරිතයක් කියලයි. ඇත්තටම මේ ගීතය ඇහුවම රසිකයන්ට හිතාගන්නට බැරි වේවි මේ ඉන්නෙ නදීශාමද කියලා. මොකද අද වැඩිපුර ඇහෙන්නෙ ගොඩක් විරහ ගීත. ඒ නිසා තමයි මම හිතුවේ වෙනසක් කරන්න. ඔබ කීවා වගේ මෙවැනි ගීත මට ගැළපෙන්නෙ නෑ කියලත් සමහරුන්ට හිතෙන්නට පුළුවන්.

මේ දිනවල මොනවද ඔබේ කලා කටයුතු

සුපුරුදු පරිදි මියුසික් වීඩියෝ සඳහා වගේම එළිමහන් ප්‍රසංගවලට සහභාගී වෙනවා.ඊට අමතරව කොමර්ෂල් එකකටත් මේ වනවිට ආරාධනා ලැබිලා තියෙන්නෙ. මගේ අධ්‍යාපන කටයුතු එක්ක රංගනයෙන් මඳක් ඈත් වෙන්නට සිදුවුණත් නැවත හොඳ නිර්මාණයට ආරාධනා ලැබුණොත් බාරගන්නවා.

රසිකයන්ට ඔබේ ගීත රසවිඳින්න හැක්කේ කොහොමද?

මගේම කියලා යූ ටියුබ් චැනල් එකක් ආරම්භ කරලා තියෙනවා. මම සංගීතය පැත්තෙන් කරන හැම වැඩක්ම එහි තියෙනවා.
( උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි )

Related posts

ශ්‍රී ලනිපය ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වෙයි? මෙන්න හේතුව

Shiran Viraj

එක්දින හා 20යි 20 නායකත්වය යළි මැතිව්ස්ට

Shiran Viraj

සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 100 ක් වෙයි

Shiran Viraj

Leave a Comment