News Sports Sports News

පාකිස්තානයේ ටෙස්ට් තරගාවලියට නොයන ක්‍රීඩකයින් ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණයක් ගනී

පාකිස්තානු කණ්ඩායම සමග එරට පැවැත්වීමට නියමිත ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියට එක්නොවන ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින්ට ලීග් තරගාවලි සඳහා අවසර ලබා නොදීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ලෝක ටෙස්ට් කි‍්‍රකට් ශූරතා තරගාවලියේ ශී‍්‍ර ලංකා පිල සහභාගි වන තවත් තරග දෙකක් ලබන දෙසැම්බර් මසදී පාකිස්තානයේදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

එම තරගාවලියට එක් නොවන කී‍්‍රඩකයින්ට T10 තරගාවලිය ඇතුලූ ඉදිරියේදී රටින් පිටත පැවැත්වෙන ලීග් තරගවලි සඳහා සහභාගිවීමට අවසර ලබා නොදීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් බලධාරීන් තීරණය කර තිබෙනවා.

සීමිත පන්දුවාර කි‍්‍රකට් තරගාවලියක් සඳහා ඉකුත්දා ලහිරු තිරිමාන්න සහ දසුන් ශානකගේ නායකත්වය යටතේ ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායමක් පාකිස්තානයේ තරග සංචාරයක නිරත වුණා. ඒ ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයින් නොමැතිවයි. කෙසේ වෙතත් එම තරග සංචාරයේදී ශී‍්‍ර ලංකා පිළට රාජ්‍ය නායකයෙකුට ලබාදෙන ආරක්ෂාවක් සැපයීමට පාකිස්තානු ආරක්ෂක අංශ පියවර ගත් අතර ශී‍්‍ර ලංකාව එහිදී ඓතිහාසික පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලි ජයක්ද වාර්තා කළා. මෙම තරගාවලියට සහභාගි වීම ප‍්‍රතික්ෂේප කළ නිරෝෂන් දික්වැල්ලට සහ තිසර පෙරේරාට කැරිබියන් පි‍්‍රමියර්ලීග් තරගාවලිය සඳහා අවසර ලබා නොදීමටයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය මීට පෙර කටයුතු කර තිබුණේ. 

දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ වුවද පාකිස්තානයේ දී ජාත්‍යන්තර තරග පැවැත්වීමට දැන් අවකාශ ලැබී ඇති බැවින් ලබන දෙසැම්බර් මාසයේදී පාකිස්තානයේ පැවැත්වෙන ටෙස්ට් තරග දෙකටද සහභාගිවීම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ අපේක්ෂාව වී තිබෙනවා. මෙම තරග දෙක ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ ශී‍්‍ර ලංකාවට වැදගත් තරග දෙකක් බැවින් ඊට සහභාගි වන ලෙස කි‍්‍රකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කී‍්‍රඩකයින්ටද දන්වා ඇති බවයි නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වන්නේ.  

2009 වසරේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට ලාහෝර් නුවරදී එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු කිසිදු කණ්ඩායමක් පාකිස්තානයේ ටෙස්ට් තරග සංචාරයකට එක්ව නැහැ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

මංගල උත්සව තහනම කල් දැම්මේ හමුදාපතිගේ ඥාති දියණියකගේ විවාහ උත්සවයක් නිසාද…

Shiran Viraj

යශාන් ගැන බිරිය කිව්ව දේ

Shiran Viraj

රුපියල අදත් බාල්දුයි.. ඩොලරය තව උඩ යයි..

Shiran Viraj

Leave a Comment