Entertainment News International News News

මම බොන කෙනෙක් නෙවෙයි

රහස්… ඒක විවිධ පුද්ගලයන්ට විවිධයි. මිනිස්සුන්ට එක එක රහස් තියෙනවා. ඒ රහස් රකිනවා. හෙළි කරනවා. සමහරු වැඩිපුරම කැමති අනුන්ගේ රහස් දැනගන්න. කලා ක්ෂේත්‍රයට සම්බන්ධ අයට තියෙන්නේ ප්‍රසිද්ධ රහස්. ඒ රහස් හැමෝම දන්නවා. අපි තීරණය කළා කලා ශිල්පීන්ගෙ රහස් ගැන විපරම් කරන්න. ඔවුන් එක්ක රහස් ගැන කතා කරන්න. ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වගේන රංගන ශිල්පිනියක් වෙන ටීනා ශනෙල් ප්‍රනාන්දුගෙන් සමඟ අපි රහස් ගැන කතා කළා.

ඔබ රහස් රකින කෙනෙක්ද?

ඔව් අනිවාර්යයෙන්ම. ගලේ ගහලා මැරුවත් මගෙන් රහස් එළියට එන්නේ නැහැ. ඉස්සර ඉස්කෝලේ කාලේ මගේ යාළුවන්ගේ love affair  වලට මම උදව් කරලා තියෙනවා. ප්‍රින්සිපල් ගහලා ඇහුවත් මගේ කටින් එළියට ගිහින් නැහැ ඒවා. යම් කිසි කෙනෙක් අපිව විශ්වාස කරලා දෙයක් කියනවා නම් ඒක අපි අනිත් අයට කියනවා නම් ඒක හරි කැත වැඩක්. විශ්වාසය කඩ NNp  වැඩක් ඒක. ඒ නිසා මම හොඳට රහස් රකින කෙනෙක්.

ටීනාගේ ජීවිතයේ මෙතෙක් නොකියපු රහසක් තියෙනවාද?

මිනිස්සු හිතනවා ටීනා කියන්නේ western character එකක්, එයා හරි western කියලා. අපි කරන මොකක්හරි නිර්මාණයක් හරහා මිනිස්සු අපිව වර්ගීකරණය කරනවා “මෙයා මෙහෙමයි” කියලා. ගොඩක් අය හිතන්නේ ටීනා කියන්නේ පාර්ටි දාන බොන කෙනෙක් කියලා. මම අවුරුදු 10ක් වෙනවා දැන් ක්ෂේත්‍රයට ඇවිත්. ඇත්තටම මම මේ වෙනකං අරක්කු, සිගරට් බීලා නැහැ. මම බොන කෙනෙක් නෙමෙයි. ඒක කවුරුත් නොදන්න රහසක්. ඒත් මිනිස්සු හිතන්නේ ඒකේ අනිත් පැත්ත. මම නැති තැන පවා කට්ටිය කතා වෙන්නේ “ටීනා බොනවා නේද?” කියලා. ඒක බොරුවක්. මාව දන්න අය දන්නවා මම බොන්නේ නැහැ කියලා. ක්ෂේත්‍රයේ නිරූපණ ශිල්පිනියෝ, රංගන ශිල්පිනියෝ සාමාන්‍යයෙන් බොනවා. ඒත් මම බොන්නේ නැහැ.

ඔබ කවදාවත් හෙළි නොකරන රහස් තියෙනවාද?

එහෙම හංගගෙන ඉන්න තරම් ලොකු රහස් මගේ ජීවිතයේ නැහැ. ඒත් මම මගේ life target  ගැන කාටවත්ම කියන්නේ නැහැ. මොකද මගේ ඉලක්ක ගැන කියනකොට ඒවා අහගෙන ඉඳලා ඒ ගැන විවේචනය කරන අය වැඩියි. ඒ නිසා ඒවා කාටවත් නොකියන තරමට හොඳයි.

ටීනා විශ්වාස කරන විදිහට රංගන ශිල්පිනියකට හෝ නිරූපණ ශිල්පිනියකට රහසක් ලෙස රකින්න අත්‍යවශ්‍ය මොකක් ද?

කලා ශිල්පිනියන්ට මිනිස්සු ගොඩක් ආදරේ කරනවා. ඔවුන් ජනප්‍රියයි. රසිකයෝ ඔවුන්ගේ පෞද්ගලිකත්වය ගැන විමසිල්ලෙන් ඉන්නේ. ආදර සබඳතා ගැන විමසිල්ලෙන් ඉන්නේ. මම හිතන විදිහට කලා ශිල්පිනියකට රහසක් ලෙස රකින්න අත්‍යවශ්‍ය දේ තමයි තමන්ගේ පෞද්ගලික ජීවිතය. ඒක තිබිය යුත්තේ යුත්තේ තමාගේ ආදරය කරන පුද්ගලයන්ගේ සීමාව තුළ. කලා ශිල්පිනියක් තමන්ගේ පෞද්ගලිකත්වය හෙළි කරන්න ඕනේ අදාළ වෙලාවට විතරයි.

වැඩිපුරම රහස් රකින්නේ කෙල්ලොද කොල්ලොද?

ඒකට නම් පැහැදිලිවට උත්තර දෙන්න පුළුවන්. වැඩිපුරම රහස් රකින්නේ කොල්ලෝ. කෙල්ලන්ට නම් ඇත්තටම රහස් රකින්න බැහැ. මොකද ඒ අය නිතරම වැඩියෙන් කතා කරනවා. එතකොට ඒ අයගෙන් රහස් එළියට යනවා වැඩියි. නමුත් කොල්ලෙක්ට එහෙම කිව්වොත් ඒ රහස රකිනවා. ඒක මම අත්දැකීමෙන්ම දන්නවා.

ටීනාගේ ජීවිතයේ රහස්, රහස් ලෙසම පවතින එක කොයිතරම් දුරට වැදගත්ද?

සමහර අවස්ථාවලදි සමහර හේතූන් මත මට රහස් ඒ විදිහටම තියෙන්න ඕනේ. මොකද මිනිස්සු එක වගේ හිතන්නේ නැහැ. මිනිස්සු හිතන විදිහ වෙනස්. ඒ නිසා අපේ රහස් රහස් විදිහටම තියෙන එක හොඳයි. ආදර සබඳතා වගේ පෞද්ගලික දේවල් මාධ්‍යයට හෝ වෙන යම් කෙනෙක්ට නොකියා ඉන්න තරමට හොඳයි කියලා මම හිතනවා. පෞද්ගලික රහස් හේතුවක් නැතුව හෙළි කරන එක හානියක් විදිහට මම දකිනවා.

උපුටා ගැනීම සරසවිය පුවත් පත ඇසුරෙනි

Related posts

කොරෝනා දේහ ආදාහනයට සමූහ ආදාහනාගාර වහා හදන්නැයි කියයි..

Shiran Viraj

කවුද මේ LTTE එකේ අලුත් “ලොක්කා”?

Shiran Viraj

කෝටි තුනහමාරක රත‍්‍රන් සොරාගනී..

Shiran Viraj

Leave a Comment